twitter rss

පුර පෝයට සිල්ගත් හිත

:::ලිපි වර්ගය:::
   
 
     දළදා මඵවෙ වැටෙන හිරැ රැස් පවා පින
පැහැගැන්විලා වගෙයි මේ පුන් පෝ දා
වැද වැද සිරස නමා..නද දී සාදු කියා
       තිසරණ වදින මහා සෙනග අතර රැදුනෙමි
 එකම එක වරක් මමත්...

      සිල්ගත් සිත නිවනට ගියා වගේ එක දවසක්
         පුර හද එළිය කෙරෑ වෙහෙර බිම පුරා සරමින්
       තවමත් මතක එසේ රැදී ඇතේ බණ පදයක
      වැලි මඵවෙදි සවණට සෙමෙන් ගොඩවෙනා

           නිදුකින් ඉන්න පැතුම් පතනා සත සිත් සැනෙකින්
             ගැබ්බර වේය පිනෙත් උතුරන දම් අමා රසමතින්
      නිවනට තව දුරමුත් සිත නිවනට ලංවේ නිති
          හැකිනම් ගොඩවෙන්නට යළිදු එකවරක් මඵවට
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්