twitter rss

ආගමනය

:::ලිපි වර්ගය:::

නුඹ හෙමින් හෙමින් ඇවිදින්
හද මැදුරු කවුලු අතරින්
ඉකිබිඳින නයන සනසන්
පෙම් පවන් පොදක් විලසින්

දෙකොපුලට මියුරු අයුරින්
වැදි සුසුම් පවන් රොදකින්
යලි නොකී කතා වැලකින්
නුඹ හෙමින් හිතට ඇවිදින්

පපුතුරෙහි නිදන් සැනෙකින්
සිපගන්න දෙතොල් තෙමමින්
යලි එන්න සිතා සැනහෙන්
නුඹ යන්න සෙමින් ඇවිදන්


brought to you by
  1. ලස්සනයි අය්යේ,කවුරු ගැනද මේ ලියල තියෙන්නේ?

  1. ස්තූතියි අඥාත මිත්‍රවරුණි

  1. ඔය පලවෙනි කමෙන්ට් එක මම දැම්මේ අනේ
    හිමා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්