twitter rss

හීන සහ හීන

:::ලිපි වර්ගය:::

කලින් කලට වෙනස්වන
හීන ඇත බොහෝ තැන්වල
නැංගුරම්ලා තදකර
ජීවිතය සමග එකම ගමනකට

හිත මත එක එක පැටවෙන
හීනවල බර තදට
දැනෙනවිට තනි හිතට
සැහැල්ලුව කොහෙද උපන් දා සිට

අපිත් එක්කම මරු තුරුලට යන
නූපන් හීනත් පොදි බැඳගෙන
නගිනා හපුතල් කන්ද
තවත් එක් හීනයක් පමණක්ම වෙද
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්