twitter rss

පඹුරණ සිරි

:::ලිපි වර්ගය:::

බැඳිය  සුරපුරක සුලඟත් රැගෙන   එන
සිඳිය  සිත්තුටින් මාතොට දසුන්   ගෙන
බඳුය  මෙ පඹුරණ ගම් සුවබර හැඟුම් දෙන
බඳුය  රන් තොරණ බඹලොව තුලට   එන

වනා  කේශ රැලි මාලා රන්   දාම
උනා  සිහින සළු තුසිතෙන් බැසි   යාම
සිනා  සෙන ලියන් මෙපුරේ සිරි සේම
සිනා  නොව බලන් සිත් ඇති ගුණ දාම

සිරිය  වසන මාතොට අභිමන්   මෙහිය
සිරිය  රකින තෙදවත් මහ දන     බලය
සිරිය  දකින නෙත් ලොල්වී යන ලෙසය
සිරිය  මෙ පඹුරණ පුර වැනුමත්   තුටුය
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්