-
හීන් දොඩමළු සුළඟ නොවේ
නුඹේ පහස දන්නේ
නලළ සිඹින සැඩ කිරණ නොවේ
නුඹෙ සෙනෙහස දන්නේ
ගත දෝවන දා බිඳුද නොවේ
නුඹෙ සුවඳ දන්නේ
ඇස් දෙක දිස්වන ලොවම නොවේ
නුඹෙ මුදු පැහැ දන්නේ
සිහින ගෙනෙන නුඹ තරු කුමරී
හදවත පුරා ඇඳී
සිතුවම් නොමැකී රැඳී ඇතී
හදවත පුරා ඇඳී
සිතුවම් නොමැකී රැඳී ඇතී
වෙන් නොවනා තරමේ
මොහොතක් ඇවිදින් සිනාසෙන්න
හදවත විඩා නිවා
තරහද තවමත් එදා වගේ
පුංචි දේටත් හිනා වෙනා
3
අදහස් දැක්වූ ගණන
අවුල් වියවුල් ලිපිගොනු
කලබලෙන් පෙරලද්දි
හමුවුනා දිරාගිය
පරණ හුරුපුරුදු කඩදහියක්
අමතකව ගිය සුවඳක් එහි
යන්තමට දැනුණි මට
සිහකලෙමි මතකයට
එහි රැඳුනු අම සුවඳ
බොහොකලකට පෙරාතුව
එකම එක සොඳුරු දින
නුඹ අතින් සිරුවට
ලියා ආදරෙන් මා වෙතට
පොත් පිංචක සඟවා
සෙනෙහසින් දුන් මුල්ම
ආදරේ සමරුවයි
අද මෙසේ මා අතේ
ආදරය කල් පිරී
බොහෝ කල් අවසන්ය
දිරාගිය පෙම්පතට
ආදරෙයි මම තවත්
දරාගනු බැරි ලෙසක
තබා ගැහෙනා පපුවට
කෙටි පණිවිඩයක
අකුරක් අකුරක් පාසා
ආදරයෙන් ගෙත්තම් කර
නුඹ වෙත යොමුකර
නුඹ එය ඇඟිලි තුඩෙන්
හරි හදිස්සියට
එහෙට මෙහෙට කර
මකා දමන සඳ
වසර ගණනක සැමරුම්
මැකීයාවිද හැබැවින්
-----------
ආඩම්බර කිරිල්ලියේ
ජීවිතේ පන්හිඳෙන්
ගලයි ආදරේ
හරි ඉක්මණින්
කාත් කව්රුත් නොමැති හිතමත
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් මේ නුවර තනියට
හිඳීවිද මගේ හිතත් මේ ලෙස
රැඳී උන් අප හදින් ලංවී
දිනෙන් දින හිත පෙළුනු සෙනෙහස
දුරින් දුර නුඹ පා තබා
ගිහින් සමුගෙන මතකයෙන් තව
නොඑන බව නුඹ හිතද කීවද
නොපිලිගෙන එය දඩබ්බර හිත
හිතට තනි රැකි නුඹ සොයමින්
සරනවා හිත ඉමක් නොමැතිව
කාත් කව්රුත් නොමැති හිතමත
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් නුඹ.......................
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් මේ නුවර තනියට
හිඳීවිද මගේ හිතත් මේ ලෙස
රැඳී උන් අප හදින් ලංවී
දිනෙන් දින හිත පෙළුනු සෙනෙහස
දුරින් දුර නුඹ පා තබා
ගිහින් සමුගෙන මතකයෙන් තව
නොඑන බව නුඹ හිතද කීවද
නොපිලිගෙන එය දඩබ්බර හිත
හිතට තනි රැකි නුඹ සොයමින්
සරනවා හිත ඉමක් නොමැතිව
කාත් කව්රුත් නොමැති හිතමත
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් නුඹ.......................
එකම එක මොහොතකට
අහිමි සෙනෙහස
අහිමි සෙනෙහස
මතකයෙන් අමතක කර
නුඹ
ආදරෙයි කීවත් ලොවටම
හැමදාම නොවෙනස්
ලෙසකට
අදරෙයි මමනම්
ඔය
මුළු අහසට
නුඹ
ආදරෙයි කීවත් ලොවටම
හැමදාම නොවෙනස්
ලෙසකට
අදරෙයි මමනම්
ඔය
මුළු අහසට
රිසි රිසි දිවි කඳ
කුමට තව දුර
නුඹ නොවෙද
දැන උන්නේ
නොතිර බව
මේ සසර
ඉන් ඉක්බිති
සොයා නිවනේ සුව
යන්ට නුවණැති මග
ඇල්ම තිර ලෙස දැනේ
පසක් වූ සඳ
මෙලොව නිරා දුක
සොයා යන්නට එ සුවය
සසර බැමි නිමා කොට
විලංගුලූ පා
මුදාලනු මොහොතකට
කුමට තව දුර
නුඹ නොවෙද
දැන උන්නේ
නොතිර බව
මේ සසර
ඉන් ඉක්බිති
සොයා නිවනේ සුව
යන්ට නුවණැති මග
ඇල්ම තිර ලෙස දැනේ
පසක් වූ සඳ
මෙලොව නිරා දුක
සොයා යන්නට එ සුවය
සසර බැමි නිමා කොට
විලංගුලූ පා
මුදාලනු මොහොතකට
Subscribe to:
Posts (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්ර නිර්මාණයක්









