twitter rss
Showing posts with label පද සංකල්පනා. Show all posts
Showing posts with label පද සංකල්පනා. Show all posts

ගං දියට ගිය මිත්තරේ..

:::ලිපි වර්ගය:::


තුන්රෝදෙ උඩ ගෙවන දවසම
ජීවිතය හුරුවෙන්න ඇති
දකින නොදකින මුහුණු අතරෙම
දවස සරිකර ගන්න ඇති

මිතුරු කැල මැද නිවෙන දාහය
යොවුන් සිත පුබුදන්න ඇති
ඉහෙන්,දෙකණින්,මුවින් ගිලිහෙන
යොවුන් පැතුමන් ඉන්න ඇති

හයර් දෙක තුන එකතු කරගෙන
පිලිවෙලක් කරගන්න ඇති
ගෙදර කලඑළි කලේ උඹ බව
සනුහරේ උන් දන්නේ නැති

හීන හිත පෙම මත්තේ හැපි හැපි
නොයෙක් දුක් පොදි දෙන්න ඇති
ඉහිලු අභිමන් යොවුන් පැතුමන් 
පෙමක් පාමුල පොඩි වෙන්න ඇති

මචං තාලෙන් එදත් හංදියේ
පාක් එක ලඟ ඉන්න ඇති
අතට හුරු දිග යතුරු කැරැල්ල
කැරකෙමින් දඟලන්න ඇති

මුවෙහි වූ එක සිනා රැල්ලත්
සැනින් කොහි සැඟවෙන්න ඇති
දෙනෙත් පොඩි කර සුසුම් හෙලමින්
ගංතෙරට නුඹ යන්න ඇති

පොකැට්ටුව හා ජංගමේ නුඹෙ
ගංතෙරේ තනිවෙන්න ඇති
දිගැති හුස්මක් දෙකක් හෙලලා
ගංදියට නුඹ යන්න ඇති

ලපටි කල සිට නිල්වලා ඟග
නුඹෙ පහස හඳුනන්න ඇති
දුකක් හිත තිබු නුඹෙ නිසල් රුව
ඇඟෙ උකුල මත සතපන්න ඇති

(වෙලේවත්ත හංදියේ ත්‍රීවීල් පාක් එකේ නිතර මුණගැහුණ මිත්‍රයා ගංදියට දිවි දුන්නා...ඌ වෙනුවෙන් ලියපු කවි වැල...උඹට නිවන් සුව මචං !)



ඇවිදින්න සංසාරයේ

:::ලිපි වර්ගය:::

එන්න යමු අපි ඇවිද
හිත මිතුරු සුළඟ සමග
හමා එන සිප අප ගත සුවය
යමු ඉතින් පිළිගෙන තුටින්

සිත් විඳගත් සැනසුම් පුස්ඹ
නොලද බොහො කලක සිටම
එක හුස්මට පෙම් බැඳි මේ සුවය
තව තව කොහොද හිත සැනසීම මිස


සංසාරය බොහෝ දුරය දැන්
එතෙර වන්නට හිත දිරිය මිස
නොමැත සරණක් අප හිතට
දෙසූ දම් අසා සිත නිවනට

ඇවිදින්න යමු අපි ආයෙත්
සුමට සුමුදු මාවතේ
හිත සුවය නිති රැඳේ
බුදු බණ පදයේ අරුතේ





ඉමක් නැති තැන..

:::ලිපි වර්ගය:::

සුදු පිරුවට හීන හිමකැට
නිදි සුවය ලද කියතෝවට
ආදරයේ හීන අරගෙන
නුඹ එනවද
දෙවෙන්දොර සං
තාම මග 
බලන් ඉන්නවා මං


 

පලමු පෙම්පත

:::ලිපි වර්ගය:::

අවුල් වියවුල් ලිපිගොනු
කලබලෙන් පෙරලද්දි
හමුවුනා දිරාගිය
පරණ හුරුපුරුදු කඩදහියක්

අමතකව ගිය සුවඳක් එහි
යන්තමට දැනුණි මට
සිහකලෙමි මතකයට
එහි රැඳුනු අම සුවඳ

බොහොකලකට පෙරාතුව
එකම එක සොඳුරු දින
නුඹ අතින් සිරුවට
ලියා ආදරෙන් මා වෙතට

පොත් පිංචක සඟවා
සෙනෙහසින් දුන් මුල්ම
ආදරේ සමරුවයි
අද මෙසේ මා අතේ

ආදරය කල් පිරී
බොහෝ කල් අවසන්ය
දිරාගිය පෙම්පතට
ආදරෙයි මම තවත්
දරාගනු බැරි ලෙසක
තබා ගැහෙනා පපුවට


කර්ම...

:::ලිපි වර්ගය:::


ජීවිත සලපතල මළුව මත
පැදකුණු කරන සඳ නිසොල්මන්ව
පා ගැටෙන සිහින් වැලිකැට
රළු බොරළු මෙන්ම
ගොරහැඬි රිවි කිරණ
රිදුම් දෙන සඳ මුළු මහත් සිරුරටම
අවදිවන ප්‍රඥාවටත් ඉහලින්
දැනෙන යමකට පෙම්බැඳ
නොනවතින
මේ ගමන
නොනිමි අග




තිස්ස..දුර බලන්න ලඟ නොබලන්න

:::ලිපි වර්ගය:::

තිස්ස
ජම්බුද්වීපයේ සිට
මෙහි පැමිණියේ
තනිවම නොව
වටිනා යමක් රැගෙනය

තිස්ස දුර බලන්න
ලඟ නොබලන්න
මේ ධර්මය
ආත්මාර්ථය උදෙසා නොව
පරාර්ථය උදෙසාමය

මේ ධර්මය අද උදෙසා
පමණක් නොව
හෙට උදෙසාත්ය

තිස්ස මේ දහම
නුඹ වෙත පමණක් නොව
සසර දුක විඳින සැම උදෙසාය

එබැවින් තිස්ස
දුර බලන්න 
ලඟ නොබලන්න


දෙවසකරක අභිමන සිතින් පමණක් විඳිමි

:::ලිපි වර්ගය:::

සිතුවිල්ලෙන් සිතුවිල්ල ගලපමින
ගතවිනි වසර දෙකක්
හදවතින් හදවත අමුණමින
ගතවිනි වසර දෙකක්

හදවතේ ගැඹුරුම තැනින් එන
සොඳුරු නිමැවුණු පද පෙලට ගෙන
කවි හිතැති හිත් හදන අටියෙන
ලියූ පද අද ඉතිරි වී ඇත

සතුටු කඳුළැලි නෙත රැදෙන්නේ
නෙතට බර නැති කවි රැඳෙන්නේ
සිතට ලතැවුල් නෑ දැනෙන්නේ
හෙටද හමුවෙමු මේ ලෙසින්නේ

ජීවිතය මතම සිට

:::ලිපි වර්ගය:::

අරුමයක්ද උපත හා විපත
දැන දැනම නර්තනය ජීවිතය මත
උඩ පැන දඟලා නොනැවතී
රඟා වයා මහ අණබෙර

කියනු මැන අරුථ මේ ජීවිතේ
රඟන අප සීමා මායිම් රහිතව
කියනු මැන අරුථ මේ ලෝකයේ
ජීවිතේ මුල් තැන තබා රකින මුනිවත



සියවැනි කවිය

:::ලිපි වර්ගය:::

සියක් ආයු ලබනට නොව
සියක් වස්තු  ලබනට නොව
සියක් පදවි ලබනට නොව
සියක් දහක් සිත් සදනටමය

සියක් සෙනග නැති මා හට
සියක් දෑත් නැති මා හට
සියක් දෙඇස් නැති මාහට
සියක් වටින හිතක් සතුය

සියක් දුරක් යන්නට නැත
සියක් දුරක් පැමිණත් ඇත
සියක් වටින සිතුවිලි ඇත
සියක් තුටින් කියවිය හැක

සියක් පැතුම් අද නැහැ මට
සියක් සුසුම් වටිනව මට
සියක් පැතුම් කුමටද මට
සියක් උසැති කවි ටික ඇත

කරුමක්කාරියට..අවසන් වචන ටික

:::ලිපි වර්ගය:::

පුරාතනයේ සිට පැවතෙන
ස්ථරය මත
විරාජිතව
වැඩ සිටින
නුඹේ ආලය
එපා මට
මම
තවමත් මහපොළව
මත





අභිනික්මනට පෙර..

:::ලිපි වර්ගය:::

දුටුවෙමි
සතර පෙරනිමිති

හුදෙකලාව හඬන
යුවතියක්..

බහු ස්ත්‍රී සේවනයේ
පුරුෂ ප්‍රාණයක්..

පහරකන පාවහන් යුගලෙන්
වංචාකාර සැමියෙක්..

රුව වරුණ මුදලට මනින
රූබර විලාසිනියක්...

ඉන් ඉක්බිති
කළකිරුණි කුලගෙය


උදෑසන ඇවිත් - නුඹ කොහේහෝ දමා

:::ලිපි වර්ගය:::

පුරුදු ලෙස උදෑසන ඇවිත්
හීතලට ගැහෙන විට
සියොළඟම
අපූරුයි මේ උදෑසන 
පෙරදිනටත් වඩා

එහෙත් මේ උදෑසන
දමාවිත් නුඹ කොහේහරි
පෙර දින රැය ගෙනා මවෙත
හිත් පිත් නැති ලෙසින් 
නුඹ දමාවිත් කෙහේහෝ

හිරු කුමරිය

:::ලිපි වර්ගය:::

තරුවක් නැති රෑ අහසින්
තරුවක් ගෙන හද මඩලට
මද්දහනට පීදෙන්නට
පැතුම් පැතුව විට තනිවම

වරුවක් නුඹ හිත් අහසේ
වරුවක් මගෙ නෙතු අතරේ
රැඳී ඉන්න හිරු කුමරී
වෙලා සුවය නෙත් මානෙට

සුවයක් ලද මුත් මහදට
සුවයක් නැති නුඹෙ දිවියට
ඇවිත් ඉන්න එක දිනයක්
සිත මුමුණයි පැතුම් ගොඩක්

භවයක් මම පැතූ හෙයින්
භවයක් විය නුඹ ලබමින්
එහෙයින් මගේ ජීවිතයට
හිරු කුමරිය නුඹයි තවම

නිල් සඳ මඩල

:::ලිපි වර්ගය:::

දෙනෙතින් අඳින තුරු නුඹෙ රුව අහස පුරා
පැතුමින් තනන විට නුඹෙ නෙත මසිත් අරා
සිතමින් නිතර නුඹ හුන් තැන මහද දරා
තැවෙමින් මෙලෙස විඳවනු ඇයි දුකද දරා

අටවක සඳට වැඩි සෙනෙහස උපමාව
සැටවක කලට හිත පුරවා නොපමාව
ජලවක නැකතකින් ඉපදුනු පෙම්මාව
මගේ එක සිතින් උහුලමි දුන් උපමාව

නැත සිත පුරා දුක තව නුඹ නැති හෙයිනි
ඇත එක දෙයක් ඒ සුව සැප නුඹෙ පමණි
මත කය රිදවුවත් නුඹ ගැන පව සමිනි
අත ලඟ නැතිනමුත් තවමත් සිත පෙමිනි


*********

ඉනි කඩුල්ල තරහවෙලා

:::ලිපි වර්ගය:::


හැමදාමත් මම යන මග
මා පිළිගෙන පාඩුවේම
උන් කඩුල්ල ඇයිදෝ අද
මට හරස්වෙලා

වෙනදා මම එන පාරේ
ගෞරවයෙන් පාත්වෙලා
ඉනි වැට පහුකර යන්නට
හිටි කඩුල්ල හරස්වෙලා

ආරවුලට වගේ ඉඳන්
ඉනිවැට මත්තේ ඉඳගෙන
ආඩම්බරයෙන් වාගේ
බලන් ඉන්නවා උදේම

තනිවම..

:::ලිපි වර්ගය:::
දැනේ තනිකම අදනම්
දරාගනු බැරිතරම්
කුමක් කරම්ද මං
නැතිවිට හසරක් අද
ළඟින් උන් නුඹ
ගිහින් අතහැර
බලා ඉනු මිස මට
කල හැක්කක් නොමැත අද
අනේ ඊයේ පෑයූ තරුව
අද තනියම හිනහෙන විට
තවමත් හිඳී මම
තනිවම මෙතැන්හිම

අවසන් ඉල්ලීම

:::ලිපි වර්ගය:::

සුහද සිතින් සැම
සිත් දිනූ
නිබද දයාවෙන්
සිත අස්වැද්දූ
ඔබ
නිවනට යන්නට
මොහොතකට පෙර
අපේ හදවතේ
නැවත
උපදිනු මැනවි...

දිනයක වෙසක්

:::ලිපි වර්ගය:::


                 සුමිතුරු           සද ඇවිත් සක්මන් කරනු              වැනී
                 පිවිතුරු           වදන් මුවගින් මල් ඉසිනු                වැනී
                 දිවිතුරු            වෙසෙන අතරේ සිත නිවනු           වැනී
                 ලොව්තුරු            මුණිදු දෙසු දම්කද ඇසෙනු      වැනී 


                 විදිමින්         අමාදම් අපමණ සුවක්                    දැනේ
                 සිතමින්        නොතිර බව නිබදව පසක්               වුනේ
                 සුපහන්       හැගුම් රන්දා සිත සිලක්                 මෙනේ
                 සුවදින්        පිරේ මදනල වුව වෙසක්                  දිනේ
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්