තුන්රෝදෙ උඩ ගෙවන දවසම
ජීවිතය හුරුවෙන්න ඇති
දකින නොදකින මුහුණු අතරෙම
දවස සරිකර ගන්න ඇති
මිතුරු කැල මැද නිවෙන දාහය
යොවුන් සිත පුබුදන්න ඇති
ඉහෙන්,දෙකණින්,මුවින් ගිලිහෙන
යොවුන් පැතුමන් ඉන්න ඇති
හයර් දෙක තුන එකතු කරගෙන
පිලිවෙලක් කරගන්න ඇති
ගෙදර කලඑළි කලේ උඹ බව
සනුහරේ උන් දන්නේ නැති
හීන හිත පෙම මත්තේ හැපි හැපි
නොයෙක් දුක් පොදි දෙන්න ඇති
ඉහිලු අභිමන් යොවුන් පැතුමන්
පෙමක් පාමුල පොඩි වෙන්න ඇති
මචං තාලෙන් එදත් හංදියේ
පාක් එක ලඟ ඉන්න ඇති
අතට හුරු දිග යතුරු කැරැල්ල
කැරකෙමින් දඟලන්න ඇති
මුවෙහි වූ එක සිනා රැල්ලත්
සැනින් කොහි සැඟවෙන්න ඇති
දෙනෙත් පොඩි කර සුසුම් හෙලමින්
ගංතෙරට නුඹ යන්න ඇති
පොකැට්ටුව හා ජංගමේ නුඹෙ
ගංතෙරේ තනිවෙන්න ඇති
දිගැති හුස්මක් දෙකක් හෙලලා
ගංදියට නුඹ යන්න ඇති
ලපටි කල සිට නිල්වලා ඟග
නුඹෙ පහස හඳුනන්න ඇති
දුකක් හිත තිබු නුඹෙ නිසල් රුව
ඇඟෙ උකුල මත සතපන්න ඇති
(වෙලේවත්ත හංදියේ ත්‍රීවීල් පාක් එකේ නිතර මුණගැහුණ මිත්‍රයා ගංදියට දිවි දුන්නා...ඌ වෙනුවෙන් ලියපු කවි වැල...උඹට නිවන් සුව මචං !)

brought to you by
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
//ලපටි කල සිට නිල්වලා ඟග
නුඹෙ පහස හඳුනන්න ඇති
දුකක් හිත තිබු නුඹෙ නිසල් රුව
ඇඟෙ උකුල මත සතපන්න ඇති//
මේ අදහස මේ විදියට ව්‍යංගයෙන් කිව්ව එක හරිම ලස්සනයි!