-
සියක් ආයු ලබනට නොව
සියක් වස්තු ලබනට නොව
සියක් පදවි ලබනට නොව
සියක් දහක් සිත් සදනටමය
සියක් දහක් සිත් සදනටමය
සියක් සෙනග නැති මා හට
සියක් දෑත් නැති මා හට
සියක් දෙඇස් නැති මාහට
සියක් වටින හිතක් සතුය
සියක් දුරක් යන්නට නැත
සියක් දුරක් පැමිණත් ඇත
සියක් වටින සිතුවිලි ඇත
සියක් තුටින් කියවිය හැක
සියක් පැතුම් අද නැහැ මට
සියක් සුසුම් වටිනව මට
සියක් පැතුම් කුමටද මට
සියක් උසැති කවි ටික ඇත
සියක් දුරක් පැමිණත් ඇත
සියක් වටින සිතුවිලි ඇත
සියක් තුටින් කියවිය හැක
සියක් පැතුම් අද නැහැ මට
සියක් සුසුම් වටිනව මට
සියක් පැතුම් කුමටද මට
සියක් උසැති කවි ටික ඇත
![]()
-
හදවතට කතා කරන
තව කව් කතා සිය දහසක් ලියන්නට හැකි වේවා!
-
සියත් දෙසීයක් වන්නට
සතුටු සිතින් පතනව මම
-
සියක්, සිය දහසක් තව තවත් කවි ලියන්න සුභ පතනවා... :)
-
"සියක් පැතුම් කුමටද මට
සියක් උසැති කවි ටික ඇත"
කවියෙකුට ඊට වඩා වටින දෙයක් තියෙනවද... සුභ පැතුම් යාළුවා..
-
ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් .........
-
සියක් වරක් ලියූ කවි
සියක් වර නොදුටු කවි
සියක් මුහුනු නොගැසුනු කවි
එකක් ඇතිය පතනට සවි
-
Anonymous February 19, 2012 at 9:23 PM
මගෙනුත් සුභ පැතුම්..............!
-
බොහොම පින් සුබ පතපු හැමෝටම
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්





සරළ සුමටව ගලන
වදන් කැටිවූ සිතක
සුමිරි වූ කව සියක්
එළිව ඇත සීනයක්