ලප නොමවන් සඳක් නොවූවත් නුඹ
හුදෙකලා පහන් දැල්ලක්ම විය
අවැසිකල හිත දිදුලවන
නිබඳවම ලඟ රැඳෙන
මහා සයුරක් නොවූවත් නුඹ
එකම දිය පොදක් විය
හද පවස නිවන අද
පිසදමා හිත විඩාබර
මිණිකැට ගොමුවක් නොවූවත් නුඹ
එකම සම්පතක් විය
දිවිය සුවපත් කරන
මියෙන් හිත පණපොවන
මහනුවර තුසන්ත සම්පත් සොයුරා විසින් එවූ ඡායාරූපයකට ගෙතූ කවි සිත්තමකි, ඔබේ සිත දිනූ රූ කවි සිතුවම් වෙත එවන්න wijaindu@gmail.com
-
ලං කර ගන්න බැරි දේට වඩා අත දුරින් තියෙන දේ වටිනවා තමයි, ඒත් හිත අඬන්නෙ නම් ...
-
මහා සයුරක් නොවූවත් නුඹ
එකම දිය පොදක් විය
හද පවස නිවන අද
පිසදමා හිත විඩාබර
මේ පද හතර හිතට ගොඩක් දැනුනා.. හරිම ලස්සනයි ජනරඟ..
-
හුදෙකලා පහන් දැල්ලට ඇදෙන ඇදෙන තණකොළපෙත්තාට වුණ දේ වෙයිදෝ කියා මට බයයි!!!!!!
-
" මහා සයුරක් නොවූවත් නුඹ
එකම දිය පොදක් විය
හද පවස නිවන අද
පිසදමා හිත විඩාබර.."
මෙන්න මේකයි වැදගත්ම.. ලස්සනට වඩා.. අපුරුයි යාලූවා කවි පෙල..
-
ලස්සනයි..........
-
Anonymous February 12, 2012 at 9:42 PM
නිකලැල් සුපුන් සඳකි නුඹ මට
ඈත අහසේ පායනා
සීත සඳරැස් හදෙහි ගවසා
කොහෙදෝ නුඹ සැඟවිලා
ගඟකි නුඹ මට මිරිදියෙන්
පවස නුඹ මගෙ නිවනා
ගලා ගොස් නුඹ කරදියට
පවස නුඹ මගෙ වැඩිකරා
නිල් මැණිකකි නුඹ මට
දහසක් රතුකැට අතරේ
පතමි දිලෙන්නට මැණිකේ
කෙදිනෙක මා හද පතුලේ
-
Anonymous February 13, 2012 at 8:55 PM
එළ කවි ටික...
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
ලස්සනයි අර්ථවත්