twitter rss

සියවැනි කවිය

:::ලිපි වර්ගය:::

සියක් ආයු ලබනට නොව
සියක් වස්තු  ලබනට නොව
සියක් පදවි ලබනට නොව
සියක් දහක් සිත් සදනටමය

සියක් සෙනග නැති මා හට
සියක් දෑත් නැති මා හට
සියක් දෙඇස් නැති මාහට
සියක් වටින හිතක් සතුය

සියක් දුරක් යන්නට නැත
සියක් දුරක් පැමිණත් ඇත
සියක් වටින සිතුවිලි ඇත
සියක් තුටින් කියවිය හැක

සියක් පැතුම් අද නැහැ මට
සියක් සුසුම් වටිනව මට
සියක් පැතුම් කුමටද මට
සියක් උසැති කවි ටික ඇත

brought to you by
  1. සරළ සුමටව ගලන
    වදන් කැටිවූ සිතක
    සුමිරි වූ කව සියක්
    එළිව ඇත සීනයක්

  1. හදවතට කතා කරන
    තව කව් කතා සිය දහසක් ලියන්නට හැකි වේවා!

  1. සියත් දෙසීයක් වන්නට
    සතුටු සිතින් පතනව මම

  1. සියක්, සිය දහසක් තව තවත් කවි ලියන්න සුභ පතනවා... :)

  1. "සියක් පැතුම් කුමටද මට
    සියක් උසැති කවි ටික ඇත"

    කවියෙකුට ඊට වඩා වටින දෙයක් තියෙනවද... සුභ පැතුම් යාළුවා..

  1. ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් .........

  1. සියක් වරක් ලියූ කවි
    …සියක් වර නොදුටු කවි
    …සියක් මුහුනු නොගැසුනු කවි
    …එකක් ඇතිය පතනට සවි

  1. මගෙනුත් සුභ පැතුම්..............!

  1. බොහොම පින් සුබ පතපු හැමෝටම

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්