twitter rss

ඉනි කඩුල්ල තරහවෙලා

:::ලිපි වර්ගය:::


හැමදාමත් මම යන මග
මා පිළිගෙන පාඩුවේම
උන් කඩුල්ල ඇයිදෝ අද
මට හරස්වෙලා

වෙනදා මම එන පාරේ
ගෞරවයෙන් පාත්වෙලා
ඉනි වැට පහුකර යන්නට
හිටි කඩුල්ල හරස්වෙලා

ආරවුලට වගේ ඉඳන්
ඉනිවැට මත්තේ ඉඳගෙන
ආඩම්බරයෙන් වාගේ
බලන් ඉන්නවා උදේම


යන්න දෙන්නෙ නැද්දෝ මට
සුනංගු වෙනවා මෙතනම
අනේ අනේ ඉනි කඩුල්ල
මොකද හැබෑටම තරහා

වැඩත් ඇතේ ගොඩ ගැහිලා
අලුත් ලොක්කා වසයි අපේ
පමාවෙලා ගියොත් ඉතින්
අහන්න වෙන බැනුම් ගොඩයි

ඊයේ හවහා මම එනකොට
උඹ උන්නනේ හරි අගේට
අද උදේම තරහ අරන්
ඇයි මේ හැටි වද කරන්නේ

පමා වුනොත් ලංගම යයි
මට වෙන්නේ ගෙදර යන්න
දැන්වත් හිත මෙලෙක් කරන්
අයින්වෙන්න වැට මැද්දෙන්

අනේ අනේ ඉනි කඩුල්ල
ඇහුණෙ නැද්ද මගේ වචන
පොඩි මල්ලී ආවොත් දැන්
උඹට වෙන්නෙ කෑලි වෙන්න

brought to you by
  1. කවුද මේ ඉණිකඩුල්ල?????

  1. ගෑණු ළමයෙක් හා ඇත්තම ඉනි කඩුල්ලක් අතර ඇතිවන සිතුවිලි තරඟයක් ගැන සරලම මාදිලියේ කවියක් යාළුවා

  1. කඩුල්ල එක්ක මල පැනලා වගේ .......

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්