twitter rss

හිරුත් සඳුත් මගේ වගේ..

:::ලිපි වර්ගය:::
එළිය කරන නිල් අහසම
හිරු කුමරිය මගේ වගේ
දිදුලන සඳ අඳුර මකා
සඳකුමරිය මගේ වගේ
ඉරුත් සඳුත් අරන් ළඟට
නුඹ ඇවිදින් රැඳේ හදේ

ඇවිදින කල නුඹ හිමිහිට
වටී  මෙමට නුඹෙ පියවර
හිනහෙන කල නුඹ තරඟෙට
නැතේ දුකක් හිත් මානෙක

ජීවිතයම නුඹෙ ඇස්දෙක
වගේ රකින පොරොන්දුවට
දුවේ මගේ හිත් ගොමුවේ
කැකුළු මලයි නුඹ පිපුණේ



brought to you by
  1. කැකුළු මලයි නුඹ
    අප ජීවිත අරණේ පිපුන
    රකින්නම් නුඹ ලගට වී නිතර
    ඇස් දෙක වගේ අප දෙදෙන..

  1. ඇති යන්තං ..... ඔන්න මාත් ආවා සෑහෙන කාලෙකින් මේ පැත්තෙ, දෝණි කෙනෙක් ගැන ලස්සනට ලියලා තියනවා ......

  1. @දිනේෂ් - ලස්සනයි දිනේෂ්..මරු..ස්තූතියි.

    @සාරංග - ඔව් සහෝදරයා..දෝණි කෙනෙක් ඉන්න කාලෙක එයාට කියවන්නයි ලිව්වේ..ඒ වගේම දෝණිලා ඉන්න අයගේ පපුවට දැනෙන්න

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්