සැපද
හැකි පමණ
බෙදාගැනුමට
අවැසිය මිතුරියක්
මටත් අද හෙට
නිහඬ බව රජයා
සුපුරුදු මූසල බව වෙනුවට
කෑගසා සතුටු වෙන
වදනින් වදන හිතවත්වන
මා වැනිම
හිතවතියක්
මහපොලව මතම සිට
පයගසා කල් ගෙවන
හිත මතම හිත තියන
සොඳුරු හිතවතියක්
අවැසිය මා හට
අවැසි බව දැනෙන ලෙසම
-
Anonymous July 1, 2012 at 2:54 AM
ලැබෙයි ලැබෙයි..
-
මිතුරියක්මද ඕනේ ? මිතුරිය මිතුරිය විදිහටම ඉස්සරහටත් ඉදීද :D
-
අවැසි මිතුරියක් මිස සහකාරියක් නොව..
මන්ද මිතුරියක් වන්නට බොහෝ සහකාරියන්ට
බැරි හෙයින් සහ
සෑම මිතුරියකටම සහකාරියක්ද විය නොහැකි නිසා
-
ඉල්ල ගෙන කනවනම ඔන්න කරමය
-
තව ටික කාලයක් ඉන්න.
-
ඉල්ලගෙන කෑමක්ද කියලා තීරණය වෙන්නේ ඒ බලාපොරොත්තු වෙන දේවල් සහ සිටින ආකාරය අනුවයි....ටික කාලයක් කියන්නේ ජීවිත කාලෙම ටික කාලයක් තමයි සංසාරේ එක්ක බලද්දි..මේ හොයන්නේ සහකාරියක් නොව හුදෙක් මිතුරියක් පමණක්ය
-
ලැබෙයි ලැබෙයි ජනා.. තව ටිකක් ඉමු..
මාත් අවුරුදු 5ක් ඔහොම කියලා තමා හොයා ගත්තේ.. :)
-
තවම ලැබුනේ නැද්ද මිතුරියක් එහෙම..එහෙනම් ලැබේවා! ඉක්මනටම..
-
Anonymous July 3, 2012 at 7:31 PM
kellek oena kyala kewwa nam harine ban. mokada velenawada? kellek mokatada yaluvek oena nm oena tharam kollo enne. apo chater ban.
-
බොහොම ස්තූතියි ඇනොනිමස් අදහසට..ජීවිතේට සහකාරියක් සහ මිතුරියක අවශ්‍යතාව තේරුම් ගන්නට හැකිවේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනයයි..මිතුරෙක් සහ මිතුරියක අතර වෙනසත් හඳුනාගන්නට ලැබේවා යන්න අනෙත් පැතුමයි..කෙසේ වෙතත් ඔබේ අදහසේ ගතයුතු යමක් ඇත..එනම් අපේ සමාජයේ දෘශ්ඨි කෝණය පවතින්නේ කොතනද යන්නයි..නැවත වතාවක් බොහොම ස්තූතියි
-
Anonymous July 9, 2012 at 5:11 AM
මටත් මේ වගේ මිතුරියක් ඉදියා සහෝ ඒත් එයා මගේ මෝඩ වැඩක් නිසා එයා මගෙන් ඇතට යන්න ගියා..... එත් එයා ආයේ කවදා හෝ මගේ ළගට ඒවි...
-
දැන් ලැබිලද ඒ මිතුරිය
මටත් අවශ්‍ය ව ඇත,
ඔබ සොයනා ලෙසින් ම
මිතුරෙකු නොව
ආදරණීය මිතුරියක්.......!