twitter rss

සැමරුම් අතර සිට ලියමි...

:::ලිපි වර්ගය:::


සියපතක පෙති මුකුලිතව ගිය
එකම දවසක ගොම්මනේ
හදවතක ගිනි දළු නිවන්නට
සිහිකලෙමි නුඹ සක්මනේ

ලඳළු වන පෙත ඇවිද ගිය එක
දිනක සිහිවටනය දිගේ
ඇවිද යමි හද පුපුරු ගසනා 
විටක පෙම්වත් මාවතේ

නුඹද වෙනතක මමද තනිවම
දිවිය දෙපසක දුර ඇදේ
හදක හඳුනන සොඳුරු මතකය
විල්තෙරක තනිවී ඇතේ



brought to you by
  1. @ රත්ගමයා - ඒ බන් ගෑණු පීටර් උඔත් මේක ලියලා තියාගනින්

  1. ලස්සනයි යාළු!:)

  1. ලස්සනයි මචෝ!

  1. මායාව නිරුවත් කරලා :D

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්