twitter rss

පඹුරණ සිරි

:::ලිපි වර්ගය:::

බැඳිය  සුරපුරක සුලඟත් රැගෙන   එන
සිඳිය  සිත්තුටින් මාතොට දසුන්   ගෙන
බඳුය  මෙ පඹුරණ ගම් සුවබර හැඟුම් දෙන
බඳුය  රන් තොරණ බඹලොව තුලට   එන

වනා  කේශ රැලි මාලා රන්   දාම
උනා  සිහින සළු තුසිතෙන් බැසි   යාම
සිනා  සෙන ලියන් මෙපුරේ සිරි සේම
සිනා  නොව බලන් සිත් ඇති ගුණ දාම

සිරිය  වසන මාතොට අභිමන්   මෙහිය
සිරිය  රකින තෙදවත් මහ දන     බලය
සිරිය  දකින නෙත් ලොල්වී යන ලෙසය
සිරිය  මෙ පඹුරණ පුර වැනුමත්   තුටුය

brought to you by
  1. පඹුරණ කොහෙද තියෙන්නේ?

    කවි නම් ලස්සනයි

  1. පඹුරණ කියන්නේ සැබෑ ලෙසම මාතර දොරටුව..ගාල්ල නගරයේ සිට මාතර දෙසට ප්‍රධාන මාර්ගයේ එනකොට මාතර නගරයට කිලෝමීටර තුනක් පමණ මෙපිටින් තියන්න අතීතයේ මෙන්ම වර්තමානයෙත් සුන්දර පුරවරයක් තමයි පඹුරණ කියන්නේ

  1. අපූරු පදටික යාලු..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්