twitter rss

අවාරයට පිපි මල්..

:::ලිපි වර්ගය:::
16 Oct 2012




මහ වැස්ස වී නුඹ ඇදහැලෙන්නේ
වැහිදියෙන් හද තෙතබරිත යාමේ
ඝන අව්ව වී නුඹ එලිය දෙන්නේ
දහදියෙන් ගත රිදවනා යාමේ

ඉකිබිඳින වැස්සට මංමුලාවුන
හෙවණ නැති එක ගසක අභියස
ඉර අව්ව නැති කලක වෙවුලන
සීතලේ මම රැඳුනි එතැනම

නුඹ සැඟව ගිය එක  දවසකට
දාහයෙන් ගත පෙලෙන සඳ
තවත් ගිනියම් හිරු මඩල ගෙන
නොඑනු මැන දිවි කතර බිම වෙත

brought to you by
  1. මම සිතුවිලි පලසට ආව පළමු වතාව කවි ටික නියමයි සහෝ .........

  1. හැම බ්ලොග් එකකම ලස්සන කවි නිර්මාණ.මරු ඈ..

  1. අපූරුයි!

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්