twitter rss

සමනලයින්ගේ සංධ්වනිය

:::ලිපි වර්ගය:::


පුරුදු සුවය නොවුණත් මිහිමත
දැන දැන පිපෙන මල්
පෙරකල සිත්හි වැදී
සුළඟට මුසුවූ සුන්දර සැමරුම්
සිහිනෙන් අවදිවනවා සත්තයි දිනකදී යලිත්
නොමැකෙන්නට ජීවිතයෙන්
හීනයක්ම පමණක් වී

හිරිමල් ස්වරය තවමත් නොහඬන හදින්
අසයි නොයනා දුර සවනේ මානයෙන්
හිතට හිත සැනසූ සොඳුරු රූ අතර
නොමියෙමි නොමියෙමි වසා දෙනුවන්
ඉපදෙන්නට යලිත් නොදුටු හීනය තුලම

හදවතේ ගැස්මක් ගැස්මක් පාසා
නෙතු සැලෙන වාරයක් වාරයක් පාසා
පා තබන පියවරක් පියවරක් පාසා
ආදරෙයි තවමත් නොදුටු හීනයට
තවමත් හිතෙහි පැලපදියම්ව
දිවියම උසුලාගෙන යන






brought to you by
  1. මම මේක බලන්න විදිහක් නැතුව ලත වෙනවා.. මෙහෙම ඒවා දාන්න එපා බං..

    හැබැයි කවිය ගති..

    දැන් අර ඉස්සර වගේ පින්තූර එවන අයට කව් ලියන්නේ නැද්ද බං?

  1. ජනරඟ.....මේ ගැන තරු රසිගේ බ්ලොග් එකේ හොඳ ලිපියක් තියෙනවා කියවන්න. ඔබේ කවිය මම රස වින්ඳා.

  1. දිනේෂයා...එවපු පින්තූර කීපයක් තියනවා බං...ලියන්න වුනේ නෑ..ඉස්සරහට ලියන්න හිතන් ඉන්නවා..උඹත් එවපං

  1. @arugeadaviya - ස්තූතියි මචං..මම බලන්නම්

  1. සමනලුන් දස අත පියාඹන නුහුරු දිවි මංසන්ධියේ
    එක ම සමනළ සරක් අසමින් ගැයෙන වස්දඬු රැව් නැගේ
    දරාගන්නට බැරි තරම් වන පෙමක් හඟවා හිත් ඉමේ
    හෙටත් මේ සංධ්වනිය හදවත් පත්ළ බෝ ගැඹරෙහි ඇහේ...!!

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්