twitter rss

වෙන්වයාම

:::ලිපි වර්ගය:::

 
හිත හැදෙන්නට වචනයක් නැති
හිත රිදෙන්නට තවත් ඉඩ නැති
නොනිමි සුසුමන් ගලන මොහොතක
යන්න ගිය මතකයන් නොරැඳිම
වසාලන නෙතු පියන් අතරට
ගොළුවෙලා හද ගැස්මද හොරෙන් මට
අහස්ගැබ දෙස නොබලනා නෙත
මටත් නොදැනිම වැසේ තනියම
 
යන්න ගිය නුඹ නොඑන වග දැන
යන්න යමි මම මතක පොදි බැඳ
 
--------- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර --------
 


brought to you by
  1. Godak lassana adahasak..wenweeme dukata wada yamak

  1. ස්තූතියි මිත්‍රවරුණි

  1. යන්න යන මුත් මතක මළු ගෙන
    කෙසේ අමතක වේ ද මතකය
    රිදවමින් විත් දෙනෙත් අයිනට
    ඇද හැලෙනු ඇත දුකක් විලසට!!

  1. මතක මංපෙත අතර කඳුලැලි
    මවයි මතකය රිදෙන සිතුවිලි
    මතක මළුගෙන යද්දි යලි යලි
    කඳුළු විතරයි හදෙහි සියුමැලි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්