-
අපරිමිත හැඟුම් පොදි
කිටි කිටියේ වෙවුලමින්
කබායට තදවෙද්දි
සුසුම් තව ගුලිවෙද්දි
නිරුත්තර සිහිනයක
ටිකෙන් ටිකෙ මත්වෙද්දි
යෞවනයේ නින්ද්රාව
කෙටි කලේ ඇස් දෙකකි
මත් නොවෙන ඇස් අතර
නොනිමි වූ හිත් ගොඩකි
එයින් මගේ හිතත් දැන්
සොයාගැන්මද නොරිසි
තත්පරෙන් පංගුවක්
වසා යලි විවරවූ
ඇස්වලින් කියූ වැකි
පැයක් ගතවී දැනෙති
ඒ පැයට ජීවිතේ
නතරවූ සේ දැනුණී
යළිඳු පණගන්වන්නට
යතුර ඇස් ලඟම වුණි
(ෂ්..... ඒ ඇස්..ඇස්මයි.. සත්තයි)
![]()
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්ර නිර්මාණයක්





ලස්සනයි.. ඇස් කියන්නේ හරි භයානක දෙයක්...