twitter rss

​වෛරෝඩිය

:::ලිපි වර්ගය:::


 ​වෛරෝඩියේ නුඹ හෙමිහිට
ඇවිත් මගේ නෙත ලගටම
දිළිසුණානේ හිටි හැටියෙම
හිතාගන්න බැරි ලෙසකට

නිලට නිලේ පිරි දෙනුවණ
රන්පාටට පිපි කොපුලද
පෙනෙන කලට මට නිතරම
අමතකවුණි මැණිකක් වග

කතා කලත් නුඹ හැමවිට
වදන් රැදුනි හද පත්ලෙම
තියන් පැතුම හිත අස්සෙම
ලගම රදුනි මම තිස්සෙම

​​වෛරෝඩියේ හිටි හැටියෙම
නුඹ සැගවුණි මට නොපෙනිම
සොයනා කල තතු නුඹ ගැන
සිහිවුණි මට මැණිකක් වග

brought to you by
  1. හිතේ රැදුනු
    නුඹ නෙතු යුග
    දඟ කෙරුවා
    තිස්සෙම හිත....

    සඳ ඉල්ලා නාඩා මම
    තරු සිම්බා නෙතගින් මම
    රැක ගත්තා ආලෙන් මම
    හිත ගත් වෛරොඩියේ නුඹ..

    ලස්සනයි... :) :)

  1. ලස්සනයි පබලු...නමුත් අගය කරන්න ටිකක් නෙවෙයි ගොඩක්ම ප්‍රමාදවුණා..ඒකට සමාවෙන්න

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්