twitter rss

රහතුන් දුටුවෙමි..

:::ලිපි වර්ගය:::

 කසාවත පොරවාගෙන
නොසිටියද
රහතුන් අදත් ඇත
අප අතර නොඅඩුවම

සෘද්ධියෙන් සක්මනේ
පුරුදු ලෙස නොගියාට
සියුමැලිව පා තබා
නිසලවම ගමන් යන

දිවැසින් ලොව බලා
දුක් නිවනු බැරි වුවද
මිතුනෙතින් නිති බලා
අවැසි උවටැන් කරන


පස් පවින් මුදවන්න
බැරිවුවද ලෝසතුන්
රකිනවා දස සිලම
ඔවා ලෙස මුළු ලොවට

එකා පිට එකා පය
තබා යන ලෝකයක
රැගෙන මිනිසත්කමත්
ඉබිගමන් යයි තවත්

කසාවත දවටාන
බුදු දහම වලඳනා
සිඟන්නන් ඉදිරිපිට
බලා හිඳී ඒ දෙස

මෝහන්දකාරය පරදවමින්
මිසදෙටු මත රජයන කල
අවිචාර සමයක වුව
රහතුන් ඇත අප අතර

බණ කියා මහ දනට
රෑ පානෙ සිල් බිඳින
වැදිදනන් බණ කියනු
අසා සිටිනවා ඇත ඔවුන්

කටපුරා වචනයෙන්
හදපුරා භක්තියෙන්
වඩ වඩා අභිමනින්
නිදුකටම යනවා ඇති ඔවුන්

කසාවත පොරවාන
නොසිටියද
රහතුන් අදත් ඇත
අප අතර අප ලෙසම

brought to you by
  1. බොහොම ස්තූතියි යාළුවා. මේක සමාජ යථාර්ථයක් ගැන කරන පුංචි විවරණයක්. යම් දෙයක් ගන්නවනම් පාඨකයෝ බොහොම සතුටුයි

  1. බණ දහම් නොදෙසුවාට
    දසදහසක් දෙනාහට
    අවැසි වූ විට මිතුරුව
    සනසනවා සිත් බණ දහම් ලෙස..

    නොකියාම පුරාජේරු තම්න් ගැනම
    අනුවන උන් කරන දේ දැක දැකම
    ඉන්නවා රහතුන් අදත් එලෙසම
    අප නෙත් මානයේ අපි හැදින නොගත්තට...

  1. ලස්සන කවියක්... ඇත්තටම

  1. @දිනේෂ් - බොහොම ස්තූතියි සහෝදරයා..

    @නෙරංජි - ස්තූතියි සහෝදරී..සමාජයේ වෙනස් පැත්තක් ගැන වෙනස් කෝණයකින්..

  1. කියලා තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත .......
    එහෙම අය හොයා ගන්න බැහැ කෝටියකට එකක් ........

  1. සහතික ඇත්ත සාරංග සහෝදරයා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්