twitter rss

පමාවූ පැතුම...

:::ලිපි වර්ගය:::

වසරකට පෙර දිලිසුණ තරුවේ කාන්තිය
අදත් මා මත සෙමෙන් වැටෙන විට
මා නෙතට කිසි දිනක දකිනු නොහැකි ලෙස
දීප්තිය විහිදමින්
ගතවුණු කාලයේ පමාව
ඔච්චම් කරයි අද දින මට

එදා සිත් බැඳ අවසන්ව
අද මා කරා නොඑන ආදරය
ඒ තරුවේ පිහිටෙන්
ලස්සනට අයිතිය කියන ඇස් දෙස
බලා සිටිය යුතුය තව කල්
එවිට ආදරය පැමිණ
අප සොයාගනු ඇත කොහේදී හෝ


බ්‍රිතාන්‍ය ජාතික සාහිත්‍යධාරිණියක වූ එලිසබත් ජෙනින්ස්ගේ  "Delay" නම් කවියේ සිංහල අනුවාදනය

brought to you by
  1. ආදරය හොයාගෙන යන්න ඔනි නැහැ තමා..ආදරයම අපිව හොයන් එයි කවමදාහරි..

  1. සැබවින්ම..ආදරයේ ඇති අරුමය එයයි..ගහන වනපෙතක හුදෙකලාව ජීවත් වුවත් කාලය පැමිණිවිට සොයා එනු ඇති ආදරේ

  1. සිංහල අනුවාදනයක් උනාට, ජනාට මේක ගොඩක් සමීපයි වගේ හිතෙනවා..

  1. මේ මම සිංහලට පරිවර්තනය කරපු දෙවනි කවිය. ඇත්තටම මෙහි අර්ථය මට ගොඩක් සමීපයි..ඒක නිසාම මේකට ඉක්මණින් හිත ගියා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්