twitter rss

කුල කුමරිය

:::ලිපි වර්ගය:::


සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී
රෑ අහසේ තරු ගානේ මා සෙයූ ඒ කුමරී
මල් සිනා කැන් පා මා හදේ සැඟවුණා
නෙත් යායේ මා සෙයූ
ඈ දිනක හමුවුණා
නෙත් පහස ලැබගන්න
හිඳිමි ඔබ එනතුරා

සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...

සිත්යායේ පාවෙනා
නෙත් මානේ හිනැහෙනා
මා දෑස පිනවනා
මා කුමරී ඔබේ සිනා
සිත් මානේ සැඟවිලා
මා පැතූ නිල් කුසුම

සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...

හදගැස්ම මගේ ජීවේ
ඔබ ගාව පුදකලා
හැමදාම මා එක්ක
නුඹ ඉන්න මා කුමරී
පෙම් සිතේ සැඟවිලා
මා සෙයූ නිල් මැණික

සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...


සොයුREK
(ආරාධිත නිර්මාණ)





brought to you by
  1. හරි ලස්සන කවි සිතුවිලි..

  1. මේ සොයුREK ගේ කවි නිර්මාණයක් කලිනුත් කියෙවුවා වගේ මතකයි.. ලස්සනයි..

  1. අනුවර්ථ නාමෙකින් කවි ලියන බොහොම දක්ෂ නිර්මාණකරුවෙක්..නමුත් කාර්යබහුලත්වය හා විෂය ක්ෂේත්‍රය නිර්මාණකරණයේම වෙනත් පැත්තක් වීම හේතුවෙන් ඔහුට නිර්මාණකරණය කවියට යොදවන්න ටිකක් අමාරුයි මගේ හිතේ

  1. ම්ම් ලස්සනයි...

  1. ලස්සනම ලස්සන පද සංකල්පනාවක්..එයාට දිගු ගමනක් යන්න පුළුවනි.මට හිතෙන විදිහට..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්