twitter rss

වලා අඳුර මත විනිවිද...

:::ලිපි වර්ගය:::
15 Nov 2012

එකම හීනය දුටුව දින ගණනක්
නොනිද එක ලෙස එකෝමත් එක
කාලයක හුන් හුදකලා සිත
යලිත් එලෙසින් විකසිතව ඇත

තනිවමුත් අද නොමැත සුපුරුදු
තනිකමින් තෝර ලෝකයක මම
මතක අතරේ රැඳෙන සිතුවම්
අඳිනෙමි හදවතින් නෙක ලෙස

දුරක යන සිත පසු කරන් මිරිඟුව
නොවලකමි මම එක් වරක් වුව
සා පිපාසෙන් නොඑනු යලි නුඹ
නුඹට හිමි මිරිඟුවත් නුඹෙමය


brought to you by
  1. හුදෙකලා බව සැපක් විය හැක
    එහෙත් ඉසොදුරු එක්ව යන මග
    හුදෙකලා බව මුකුලිතයි නම්
    සතුටු වෙමු නිබදවම නුඹ ගැන

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්