twitter rss

නමක් නැති බැඳීම..

:::ලිපි වර්ගය:::

මේ ආදරයමද
නමක් සොයාගත නොහැකිවිය
අප අතර බැඳුනු මේ බැම්මට
නුඹත් නොකී මමත් නොකී
ඒ බැම්මට
අපි එක්කල හදවත්
සංකල්පනා
එය සවිමත් කලහ...


කියන්න නමක්
අපේ බැඳීමට
ආදරයමද මේ බැම්ම
නොමැති එහි ආදරයක්
මා දන්නා තරමටම
ලෙන්ගතු ආත්මීය බැම්මක්
හැරෙන්නට


 මා තදින් හිරක‍රගෙන
නුඹේ වෙව්ලන දෑත
හෙව්වා අරුථක් 
මේ බැඳීමට
මා නෙත් දෙස බලා නුඹ
කිව්වා යමක් නොදැනෙන්නට
මේ බැඳීමේ නම
තියනලෙස හදවතෙහිම

සදාදර චේ..මේ අහන්න..

:::ලිපි වර්ගය:::

අනේ චේ
දෙන්න ඔය බීරට්
හිස්වැසුම
මුන් එකෙකුට..
නැත්නම්
මුන් මරාගනියි
ඕකට...

හිපොප් තාලය...

:::ලිපි වර්ගය:::


හංදිය ලඟ හිඳ
අමුතුම තාලෙට
දෙන්නෙක් දාගෙන
හිපොප් නටනවා..


බලන් ඉන්න ආසාවේ බෑ

මටත් නැටෙනවා
ඇහේ බබත් නටනවා

අමුතුම තාලෙට

අමුතුම ඇඳුමට
ආසාවෙන් වගෙ ගැටිස්සියෝ
හරි ආදරයෙන් බලන් ඉන්නවා..


හා නැටුවා ඇති දැන්

නැන්දම්මාලගේ ගෙදරට යනහැටි පෙන්නාපාන් පුතා
කිව්වත් නොඅසා
ඒත් නටනවා...

ගජමන් කිවි සිතට....

:::ලිපි වර්ගය:::



සිදුකර   වියත්කම් සසොබන       සිරිලකට
                      දුරුකර    නිවටකම් සුවබර          දිවියකට
                      මම හැර   යමෙක් ඇත්නම් නුඹෙ   හදවතට
                      දියකර     හරිමි මගෙ කවි සිත     එපා මට  


                      රුව දුටු   සැණින් මන්මත් කරවන   සොඳුරු
                     නෙත් දුටු   සැණින් කරවයි මගෙ සිත  මියුරු
                      පැහැ දුටු  සැණින් දිදුලන නෙත් මිණි  පවුරු
                      නුඹ දුටු    පෙමින් කකියයි හදගැබ   මැදුරු


                     ගජමන්    පෙලපතට සරිලන තෙද     මහිමේ
                     පෙමදුන්  මටත් පෙන්වන කල ඉවසමි      මේ
                     නිදුකින්    සිටින තුරු හැරයනු බැහැ  සුසුමේ
                     අභිමන්    ලඳේ හිමි කරගමි පෙම     උරුමේ

උට්ඨානය...

:::ලිපි වර්ගය:::


අහෝ ජුදාස්
බලාපන්
කරගසා ලෝ පව් කුරුසය
ඔහු දැන්
උඹේ ලඟ සිටන්
කෙලවර කරන් දිවි
පව්කරන ලොවට
කරගසා කුරුසය
මියැදිලා දැන්...

අහෝ ජුදාස්
ආයෙත් බලාපන්
මනුසතුන්දෙස බැලූ
නියාවෙන්
කරගැසූ පව්දරන්
නැගිටලා ඔහු
මරණින්
උඹ තාමත්
පණපිටින්

පිය සෙනෙහස...

:::ලිපි වර්ගය:::


සොයා මහ වන අරණේ
දුලභ ලෙස හැඳින මම
ගෙනවිත් සුරැකිව
පැලකල
පුංචි පැලය නුඹ..



දැන් අතුපතර විහිදා
තෙදවත් ලෙසින්
විසල් සෙවනක් පුදා
රැඳෙයි මා සිරසට
ඉහලින්
නොහැක මට බදනටවත්
නුඹ උසයි 
අහසතෙක්

සකිසඳ සිනාසෙනු....

:::ලිපි වර්ගය:::


වරාමල් යහන් මත සැතපිලා සිත් තොසින්
වළාකුළු වලින් සීතල සොරාගෙන ඉතින්
නෙලාගෙන පියුම් අංජන විලේ පිහිනමින්
සකිසඳ සිනාසෙනු ඉතින්..........


සදා මල් පිපුණු උයනේ සරා නුඹ ලඟින් නිබඳව
මවා ඉඟි බැලුම් තරඟෙට සිනා රැල් සලා හඳුනන
මුදා සුව සුසුම් තව තව බැඳී පෙම් හුයෙන් අපමණ
සිනාසෙනු ඉතින් සකිසඳ සිනාසෙනු ඉතින්.....


එදා මෙන් අදත් පුරහඳ බලා හිඳිනවා එලෙසම
මිතුපෙමේ සොඳුරු කවියක් ලියනවා ‍වගේ අහසක
පෙම් රසින් පිබිදි නුඹෙ මුව පරවෙලා යන්ට කලියෙන
සිනාසෙනු ඉතින් සකිසඳ සිනාසෙනු ඉතින්.....


පද රචනය - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

විලාසිනියකගේ පෙම...

:::ලිපි වර්ගය:::


එන යන හැම සිත මෙන්ම
ගතද එකලෙස
සිතු‍විල්ලෙන්
සැනසිල්ලෙන් තර කරන
කොතරම් දුරක ගියත්
පසුකර ගිය නුඹව 
සිහියට නංවන
වැළඳගෙන සෙනෙහෙ පෑවද
නොහඳුනන සේ සතුට වගුරන
ඕක් ගසකි නුඹ
කෙටිකලකට 
අතු බරවන

මූණු පොතේ ඔබ හිටියා...

:::ලිපි වර්ගය:::


සයිබරයට සඳ පායපු එක දවසක්දා
සිහින අතර හිත කකියන අඟහරුවාදා
අලස කමින් මම මැතිරුව ගී නද පරදා
මට ඇසුණා ඇලට් එකක් රික්වෙස්ට කරලා


නිහඬ රුවට නුඹේ ඇස්දෙක රූපෙන් පෙනුනා
හිතාගන්න බැරි විදියට හදටම දැනුනා
බිත්තියේ ලියු පද වැලකින් වදන් ඇරඹුනා
නුඹ පිළිතුරු දුන් දවසේ හිතම පිබිදුනා


අකුරු හරඹ නිතර නිතර හද ලන්කරනා
ඉන්බොක්ස් එක පිරිලා යන ලියුම් වැඩිවුණා
ජීවිතයේ එක කොටසක් නුඹට වෙන්වුණා
මූණු පොතේ හමුවුණු නුඹ හිතේ රජවුණා



කාලය ගෙවිලා නැවතී ඇසුර වැඩි වෙලා
මූණු පොතෙන් ස්කයිප් එක තරණය කරලා
මිණි ගිගිරිය පරදවනා හඬ රැව්දීලා
සයිබරයේ ජීවිතයම අපේ වන් වෙලා



දුර සිට නොහඳුනනා පෙම අරුථක් සෙව්වා
සොයාගන්න බැරි තැන හිත් රිදුමක් වූවා
හිත ගිය තැන තැනු මාලිග දෙදරුම් කෑවා
මූණූ පොතේ හමුවුණු නුඹ නුඹේම වූවා....

*************************************
......... in a relationship with......now...
-  Like  -  Comment  -  Share  -

මමත් හරියටම...

:::ලිපි වර්ගය:::


සදාකල් නෑ දුක රැඳෙන්නේ
සුළු මොහොතකමය එය දැනෙන්නේ
නමුදු ඒ කෙටි කලට ඒ දුක
දවයි හිත හරි පුදුම ලෙසකට
සතුට එනවිට දිවියට සැනෙන්
පලායනු ඇත දුක කෙමෙන්
ඈතකට ජීවිතෙන්
හරියටම මේ මම ලෙසින්

අම්මේ මම අදත්....

:::ලිපි වර්ගය:::
 


අදත් දුක සැප නිතර විමසන
සෝසුම් මැද ජීවිතේ
නිතින දිවියට සුවය ඔබමය
කටු කොහොල් මැද මාවතේ


 ලොවම දිනකදි හැර ගියත් මම
නොවේ නුඹ නම් සෙලවුනේ
වඩා මා සිපගත් විලසින්ම අද
නිවයි ගිනිගත් ජීවිතේ


සදා මා ලද අමිල සුවබර
ඔබේ සෙනෙහේ ගැන නම් කියා
ලියන්නට මට අකුරු දෙනුමැන
සෙනෙහසින් නුඹේ දෝවලා 

සිතුවිල්ලෙන් දඩබ්බරීට...

:::ලිපි වර්ගය:::


කවි පද තරමටම දඩබ්බරද නුඹ
කවි හිත තරමටම දඩබ්බරද නුඹ
හැමතැනම ලියා ඇති තරමටම හෝ
කියනා තරමටම දඩබ්බරද නුඹ


හිතිනුත් චංචල නම්
ගතිනුත් සංවර නම්
බහුතරය තියා පසෙකින්
කියනා තරම්ම දඩබ්බරය නුඹ


අලුයම ඉරට අතවනන
මැදියම සඳට කවිලියන
අඳුරට නෙතද හකුලවන
කවියකට හොඳයි නුඹ


බැබලීම නැති විටක
එළියකට අතවනන
නොහඳුනන දුර සොයන
මතක තාරකාවියකි නුඹ


ලියා තව තවත් දේ
අවුලා ගනු කුමට නුඹේ
දඩබ්බරයයි කියා ගන්නා හිත
එයිනුත් පාඩුවම කවි මටමය


දහසක් දේ තබා සිතුවිල්ලක
එකක් හෝ සඟවා කඳුලක
සිනාගඟක පීනන නුඹේ
හිත මෙල්ලයි දඩබ්බරියේ
 
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්