-
ජොඩුවුණ දා නුඹ
පල්ලියේ පලස මත
අතට දමා ආදරයෙන්
ඔහු දුන්න රන් මුදුව
සදාකල් රකින බව
කියා දිව්රුවා එතන
රැස්ව සිට හැමදෙනම
සතුටු කදුලැලි මැදින
විමසුවා යෙහෙලියක්
හදිසියේ නොසිතුලෙස
සුබ පැතුම් අතර තුර
නුඹේ හද සැලෙන ලෙස
කෝ නුඹේ පෙම්වතා
කවි ලියූ හිතවතා
අතගන්න සිටිය නුඹේ
කවිලොවේ ගුණවතා
නෑ තිගැස්සුණේ නුඹ
ඇතුරමින් හිනාවක් මුව මත
පැවසුවා හිමින් ලංවී
නොකී කතාවක් සැමට
කලාකරුවන් හොදය
වෙනස් වන හිත් ඇතිය
නිමවන්නේ සොදුරුදේ
වෙනස් වන හිතෙන්මය
කෙලෙස මම රැදුනු කල්
වෙනස් වන හිතක් සමගින්
රැදෙනු ඇත එකම සිත
උපරිමෙන් දින හතක්
නුඹේ වදන් නොඇසුනි මට
ගීතිකා හඩ මැදින්
ඇසුනි මට එක් හඩක්
නුඹේ කිංකිණිය මෙන්
![]()
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්





වෙනස් වෙන හිතක් ලඟ,
තව සිතක් අසරණ වෙලා,
ඒත්,..
වෙනස් වෙන ඒ හිතට
පෙම් කලා මම සත්තමයි,.
හැර යන්න බැරි තරමටම,..
ලස්සනයි ජනරඟ