twitter rss

මංගල ප්‍රකාශය....

:::ලිපි වර්ගය:::


ජොඩුවුණ දා නුඹ
පල්ලියේ පලස මත
අතට දමා ආදරයෙන්
ඔහු දුන්න රන් මුදුව

සදාකල් රකින බව
කියා දිව්රුවා එතන
රැස්ව සිට හැමදෙනම
සතුටු කදුලැලි මැදින

විමසුවා යෙහෙලියක්
හදිසියේ නොසිතුලෙස
සුබ පැතුම් අතර තුර
නුඹේ හද සැලෙන ලෙස

කෝ නුඹේ පෙම්වතා
කවි ලියූ හිතවතා
අතගන්න සිටිය නුඹේ
කවිලොවේ ගුණවතා

නෑ තිගැස්සුණේ නුඹ
ඇතුරමින් හිනාවක් මුව මත
පැවසුවා හිමින් ලංවී
නොකී කතාවක් සැමට

කලාකරුවන් හොදය
වෙනස් වන හිත් ඇතිය
නිමවන්නේ සොදුරුදේ
වෙනස් වන හිතෙන්මය

කෙලෙස මම රැදුනු කල්
වෙනස් වන හිතක් සමගින්
රැදෙනු ඇත එකම සිත
උපරිමෙන් දින හතක්

නුඹේ වදන් නොඇසුනි මට
ගීතිකා හඩ මැදින්
ඇසුනි මට එක් හඩක්
නුඹේ කිංකිණිය මෙන්


brought to you by
  1. වෙනස් වෙන හිතක් ලඟ,
    තව සිතක් අසරණ වෙලා,
    ඒත්,..
    වෙනස් වෙන ඒ හිතට
    පෙම් කලා මම සත්තමයි,.
    හැර යන්න බැරි තරමටම,..

    ලස්සනයි ජනරඟ

  1. හිත් වෙනස් වන බව කොච්චර හිතුවත් හිත ඒ ආදරේට ආදරේ නොකර අරින්නෙම නෑ.
    ඇත්තටම ලස්සනයි.

  1. කවි හිත විතරක් නෙවෙයි හෑම හිතක්ම වෙනස් වෙනවා.ලස්සනයි අය්යේ

  1. ලස්සනයි ....
    කව් අතරේ නැති උන ආදරයක් ගැනත් තියනවා ..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්