twitter rss

අතීතය කෝ අයියණ්ඩී..

:::ලිපි වර්ගය:::

අයියණ්ඩියේ කෝ
සාමා අමර
විතරද අර මල් පිරුණු
සල්ගස
නොමැත අද එය මේ
පාසල් පොත් පිටු අතර

සුදු නංගියේ අද
සල් ගස්නම් එමට
නමුත් නොමැත මලින් බර
සාමා අමර නම්
සොයාගත හැකි වනු ඇත
මුණු පොතේ
පිටු අතර

brought to you by
  1. ඔබේ ලස්සන පදපෙල තුළින් සුන්දර ළමා කාලයේ මතකයට අරන් ගියා. සාමා, අමර විතරක් නොවේ මුල් කාලයේ ගණිතය, ඉංග්‍රීසි පොතේ හිටි රාණිලා, රාජුලා තව මතකයි. පොත් පිටුවල සුවඳ දැනුනි.

  1. ඉංග්‍රිසි පොතේ හිටපු "මුරු" ව මතක් උනා.....

  1. අඩේ මේ පිටු ටික ස්කෑන් කරලවත් මූණු පොතට දාන්න ඕන ......

  1. " සොයාගත හැකි වනු ඇත
    මුණු පොතේ
    පිටු අතර"

    ඒ කියමනනම් ලස්සනයි.. ඇත්ත අපි ඉගෙන ගත්ත ඒ සොදුරු පරිසරය දැන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා...

  1. ඔව් යාළුවනේ බොහොම ස්තූතියි..සාමා අමර වගේම ඉංග්‍රීසි පොතේ හිටපු තාරෝ,මුරූ,ඈන් වගේ චරිත සැබෑ ලොවේ නොදුටුවත් අපේ හිතේ තවමත් රැඳිලා ඉන්නවා..නමුත් අද අන්තර්ජාලයට පමණක් කියවීමේ කලාව හා මතක පරාසය සීමාවුනු නව පරම්පාරාවේ අභාග්‍යය ගැන කියන්න පුළුවන් හොඳම විදිය මේකයි කියලා මම හිතනවා

  1. සාමා අමර සිටියත් අයියණ්ඩියේ අදත්
    සල් ගස එතනමයි නොසිටියත් කිසිත්
    මූණුපොතයි සාමයි අමරයි පෙම්බැද සිටිත්
    පොතපත කුණුබක්කියේ අද අරුමකුත් නැතිත්

  1. සහතික ඇත්ත..අද වෙන දේවල් හැටියට ඒක ගැන එක්පැත්තකින් අරුමයකුත් නෑ

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්