twitter rss

නිල් සඳ මඩල

:::ලිපි වර්ගය:::

දෙනෙතින් අඳින තුරු නුඹෙ රුව අහස පුරා
පැතුමින් තනන විට නුඹෙ නෙත මසිත් අරා
සිතමින් නිතර නුඹ හුන් තැන මහද දරා
තැවෙමින් මෙලෙස විඳවනු ඇයි දුකද දරා

අටවක සඳට වැඩි සෙනෙහස උපමාව
සැටවක කලට හිත පුරවා නොපමාව
ජලවක නැකතකින් ඉපදුනු පෙම්මාව
මගේ එක සිතින් උහුලමි දුන් උපමාව

නැත සිත පුරා දුක තව නුඹ නැති හෙයිනි
ඇත එක දෙයක් ඒ සුව සැප නුඹෙ පමණි
මත කය රිදවුවත් නුඹ ගැන පව සමිනි
අත ලඟ නැතිනමුත් තවමත් සිත පෙමිනි


*********

brought to you by
  1. "මනසෙහි ඇදෙයි නුඹ රුව නිතර මගේ
    නැතිමුත් නුඹ පහස දැන් සිතට මගේ
    නොහැකිය හඩන්නට මට සොයුරි මගේ
    නොවෙනස් පෙමක් කරනෙමි සිතින් මගේ "

    ලස්සනයි සහෝ...............................

  1. බොහොම ස්තූතියි සහෝදරයා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්