twitter rss

පිහිය

:::ලිපි වර්ගය:::

ඇන්නා ඔහු මට
සමාජවාදී පිහියකින්
තුවාලයෙන් ගලා ගිය
නිලට හුරු රුධිරය
කියාලන කතාවට 
කන් නොදුන් ඔහු යලිත්
ඇන්නා නැවතත් මට
ධනවාදයේ බයිනේත්තු තුඩින්
හදවතට නොව එය 
ඇමිණුනි බඩතුරේ
දිනගණනිකින් තැවෙන
සාගින්දරේ
අවසානයේ ඔහු
අතට ගෙන රන් කඩුව
අධිරදවාදය ලෙසින් නම්ලද
කපා දැම්මා මගේ සිරස
නැවතත් ඔසවනු
නොහැකි ලෙස හිස

----------------------------

brought to you by
  1. වත්මන තත්වය පිළිබඳ හොඳ විශ්ලේශනයක් තියෙනවා මේ නිර්මානය තුල !

  1. ඇත්තටම මම මෙතනින් අතීතය,වර්තමානය හරහා අනාගතයට ප්‍රවේශයක් දෙන්න උත්සහ කලා.ගොඩක් ස්තූතියි අදහසට

  1. ගොඩක් හොඳ නිර්මාණයක්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්