twitter rss

මතක පොත

:::ලිපි වර්ගය:::

වසා දමනු බැරි මතක පොතේ
අවසන් පිටුවේ රැඳෙමි
මකා දමනු බැරි සිතුවිලි මෙන්
හදවත පතුලේ හිඳමි
හඬා වැටෙනු බැරි ඇස් අතරේ
මතකයේ කඳුළැලි රඳමි
දමා නොයන මතකය ලෙසකින්
හිත තදින් වෙලා ගනිමි

brought to you by
  1. මේ මතක පොතේ පිටුනම් කවදාවත්ම අමතක කරන්න බැරි වේවි..

  1. ඇත්ත දිනේෂ් සහෝදරයා..ඔබට මට අමතක කරලා වසා දමන්න බැරි මතක පොත් තිබෙනවා
    හදවතට තුරුළු කරගත්තු..

  1. අපි හෑමෝටම අමතක කරන්න බෑරි මතකයන් තියෙනවා අය්යේ.
    තුරුළු කර හදවතට දිනපොත
    සුසුමන් හෙලමි පෙර දවස සිහිකර
    අතීත සුවඳ මුසුවුන ඒ පිටු අතර
    ඇවිදිමි සිහිනයෙන් මෙන් ඒ අතීතෙට

  1. කවද හරි අපිට ඉතුරු වෙන්නෙත් ඔය පොත විතරයි නෙ....
    ඒ පිටු අතරෙ අපේ සමීපත්මයන්ගෙ වෙන්වීම් වලදි ඒවට වෙන් වෙන ඉඩ ප්‍රමාණය ගොඩක් වැඩියි....
    ලස්සනයි..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්