twitter rss

ගලිවර්ලා අතර

:::ලිපි වර්ගය:::
සයිබරය තුල කලාවට
යමක් කරනු නියාවට
හිතට බර නැති අකුරු කෙරුමට
නොසිතේ දැන් අකාලේ 

සිතුවිල්ල තරමට ගතහැකි
හරවත් යමක් මිස හිතට
නොරිසිය යමක් වෙන
ගිනියම් වූ යකඩ වැනි හිත් වලට

එහෙත් බ්ලොග් ගලිවරයන් මැද
ලිලිපුට් කෙනෙක් වීමම
යමක් වෙයි සිතන්නට
දෙවරක්ම ලියන්නට

“නති නායකෝ විනස්සන්තී
බහු නායකෝ විනස්සන්තී“
අපි තාමත් එතනමයි
බලාගෙන කියුම් කෙරුම්
බිඳින හැටි පාළුගෙයි වලං





brought to you by
  1. මන් නම් පාළු ගෙයි වලං බිඳිනවා දියසේන කුමාරයා ඇවිත් සයිබරය ගොඩ ගන්නකන්..

  1. ඔය දියසෙන් කුමාරයත් නිකන් බාලගිරි දෝෂේ වගේ තමයි

  1. මිතුර; දල් වන් පහනක්,සයිබරයේ අදුරට ශාප නොකොට!

  1. හරියන්නැ හරියන්නැ.. මං කිවානේ ඕක නම් හරියන වැඩක් නෙවෙ..!

  1. @සබිත් - දල්වයි පහනක්..අඳුරට..වලකාලමින් රුදු සුළඟ

    @බනී- මොකක්ද බන් හරියන්නෙ නැත්තේ...

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්