twitter rss

අලුයමක හුලඟ...

:::ලිපි වර්ගය:::

නිදි නැති රැයෙන් පසු
හිරිවැටුටී දරදඬු වූ හිත
උදෑසන අවදිව සොයන
අලුත් ඉර කොහිද අද

අලුයමක හිරු කිරණ
වැටි වැටී කකියවන
දෙනෙත් මත දඟකරන
සිහින පොදි සැඟවීද

නුඹ පෙනුනු සිහින වල
රැයේ හදවත තැලුව
අමතකව යනු පිණිස
හමයි අලුයම හුලඟ



brought to you by
  1. නූඹ නොපෙනුනත් සිහින...
    ලස්සනයි හැම රෑක...
    උදෑසන තනිකමට...
    පුරුදු වෙමි නිහඩවම....

    ලස්සනයි...පද ටික..

  1. සිහින සුළගට ගලන
    ඉර එළිය විදගන්න
    පරණ සිහිනය අතැර
    අලුයමට ඉඩ දෙන්න..

  1. සිහින තබාගෙන හිත මත
    අලුයමක ජීවිතය දකින
    සිතක තනකම මැදින
    නිහඬ බව රකිමි මම..

    ගොඩක් ස්තූතියි තරූ.

  1. සුළඟ රැගෙන යන හීන
    ඉරු එලිය සිහිගන්වන සඳ
    තනිකම මැදින් ජීවිතය
    අලුයම පිලිගනිමි හදවතින්ම...

    ගොඩක් ස්තූතියි වර්ෂා සහෝදරී

  1. ගොඩක් කාලෙකින් ජනරඟගේ කවි සංකල්පනාවක් කියෙවුවේ..

  1. @හිම හංසි - හ්ම්ම්

  1. කාලය කරයි සුව
    සිහිනෙන් තැලුනු හද
    අපූරුයි !

  1. @දිනේෂ් - කෙටි විරාමයකින් පසුව තමයි සහෝදරයා ඔක්තොම්බරය දිහාවට හුලං හමන්නේ..කාලෙකින් වුණත් ආයෙත් මතක් වුනා සිතුවිලි පලස

  1. @රසික - කාලෙකට පස්සේ රසික සහෝදරයා..බොහොම ස්තූතියි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්