twitter rss

නැවතුම් මංසල

:::ලිපි වර්ගය:::

සඳ අහස මත විකසිත
වන දිනක් ඇඟිලි ගැන
රිඳුම් දෙන විටක යලි
සොඳුර නුඹ යලිඳු මෙහි

තුන් වසක් යොමා නෙත
ඉවතට නොහැරී සිතිවිලි
දිනක විකසිත වෙයි සිතා
පැමිණි දුර නිමාවට ලඟයි

කෙලෙසින් මේ මංසල
පසුකර යම්ද යලි
නොදැනුන පෙම නුඹට
වන්දිය නොගෙවුනිද තව

සිතා මහ දුර පැමිණි
අද හෙටින් අවසන් වන
මිට මෙලවු දෙඅත මත
රැඳුණු පෙම ගිලිහෙයිද

රිදුමකට නොතබා ඉඩ
සිතිවිලි අගුලු ලා යලි
හැරෙන දිගු මාවතට
ඉතිං ආයුබෝවන් යලි




brought to you by
  1. මේ බස් නැවතුම ගීතය නිතැතින්ම සිහියට එන නිර්මාණයක්..

  1. සංවේදී පද ටිකක්.ආයුබෝවන්!
    http://manasindiviyata.blogspot.com/

  1. අපූරුයි! ජය!

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්