twitter rss

නුඹ නමින් විඳවමි අදත්..

:::ලිපි වර්ගය:::

කාත් කව්රුත් නොමැති හිතමත
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් මේ නුවර තනියට
හිඳීවිද මගේ හිතත් මේ ලෙස

රැඳී උන් අප හදින් ලංවී
දිනෙන් දින හිත පෙළුනු සෙනෙහස
දුරින් දුර නුඹ පා තබා
ගිහින් සමුගෙන මතකයෙන් තව

නොඑන බව නුඹ හිතද කීවද
නොපිලිගෙන එය දඩබ්බර හිත
හිතට තනි රැකි නුඹ සොයමින්
සරනවා හිත ඉමක් නොමැතිව

කාත් කව්රුත් නොමැති හිතමත
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් නුඹ.......................


brought to you by
  1. හම්ම්ම්ම්ම
    මේ කවිය මට හුඟක් දෙවල් මතක් කලා ජනා
    හැමදාමත් වගේ හරිම ලස්සනයි

  1. දුරක ගිය සිත
    සොදුරු විය හැක
    එහෙත් කදුලක්
    පමණි මතකය

    සිනා මල් පෙති
    පිපෙන නිමෙසෙක
    මන්ද හිනැහෙනු
    නොහැකි දිවි මග?

  1. @ශෂී - ස්තූතියි මචං..මටත් හැමදේම මතක් වුණ වෙලාවක ලියපු කවියක් මචං..මම දන්නවා මේක උඹට දැනෙන විදිය

    @වර්ෂා - සිනාමල් පෙති උමතු විලසින්
    අහිමිකල සඳ දිවියෙ සරුබව
    සිනාසෙනු හැකිවේද හදකට
    මකාදමා මතකයේ කඳුලැලි

    ස්තූතියි වර්ෂා

  1. විඳවන එක මහා අමාරු දෙයක් ජනා..

  1. ලගදි ලියපු කවියක්ද ජනා?

  1. @දිනේෂ් - සත්තකින්ම..හේතුවක් නැතිව විඳවන්න වෙන ඒක ඊටත් වඩා අමාරු දෙයක්

    @ඇනෝ - ඔව් මිත්‍රයා ලඟදි ලියපු එකක්..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්