twitter rss

අකුරක් අකුරක් පාසා ලියනා ආදරය ..

:::ලිපි වර්ගය:::

කෙටි පණිවිඩයක
අකුරක් අකුරක් පාසා
ආදරයෙන් ගෙත්තම් කර
නුඹ වෙත යොමුකර
නුඹ එය ඇඟිලි  තුඩෙන්
හරි හදිස්සියට
එහෙට මෙහෙට කර
මකා දමන සඳ
වසර ගණනක සැමරුම්
මැකීයාවිද හැබැවින්
-----------
ආඩම්බර  කිරිල්ලියේ
ජීවිතේ පන්හිඳෙන්
ගලයි ආදරේ 
හරි ඉක්මණින්



brought to you by
  1. මගේ ලඟත් තියනවා එකතු කරපු එස් එම් එස් හරි හුඟක් :)

    ලස්සනයි ජනා

  1. @ශෂී - ස්තූතියි බං..වැඩක් නෑ බං..ඩිලීට් කරලා දාපන්..නිකන් ලතැවිල්ල විතරයි..

  1. අන්තිම ආදරණිය කථනය හිතට වැදුනා ජනා අයියේ.

  1. can i get this and post my blog pl.

    Sachindra Devanarayana

  1. @මදාරා - ස්තූතියි නංගි..ඒක සැබෑ ආදර කථනයක් වුන නිසා වෙන්න ඇති..

    @සචියා - of course dear friend

  1. ගොඩාක් ලස්සනයි. හදවතට දැනෙන්නම ලියල අදහස්නම් කියාගන්නට බැරි තරම්.....

  1. ඉක්මනින් ගලන සෙනෙහස
    ඉක්මනින් නිමා විය හැකි
    බව සිතේ තියන්
    දුර ඉගිලුණා නම් සෙනේ...

    කොතෙක් වේදනා දැනුනද
    දහක් කටු කොහොල් මැද වුව
    දෙපා තබා යනු හැකි වෙයි
    සුපෙම් මාවතේ!

  1. @අසිත - හෘදයාංගම ආත්ම කථනයක් මිත්‍රයා..ස්තූතියි වචන ගොන්නට

    @වර්ෂා - දෙපා නගන සුපෙම් මාවතේ
    නොදැනෙන නොහැඟෙන සුවඳට
    ඉකි නොගසන හද තනිවම
    කියාවි මා ආදරේ බව තව

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්