twitter rss

පලමු පෙම්පත

:::ලිපි වර්ගය:::

අවුල් වියවුල් ලිපිගොනු
කලබලෙන් පෙරලද්දි
හමුවුනා දිරාගිය
පරණ හුරුපුරුදු කඩදහියක්

අමතකව ගිය සුවඳක් එහි
යන්තමට දැනුණි මට
සිහකලෙමි මතකයට
එහි රැඳුනු අම සුවඳ

බොහොකලකට පෙරාතුව
එකම එක සොඳුරු දින
නුඹ අතින් සිරුවට
ලියා ආදරෙන් මා වෙතට

පොත් පිංචක සඟවා
සෙනෙහසින් දුන් මුල්ම
ආදරේ සමරුවයි
අද මෙසේ මා අතේ

ආදරය කල් පිරී
බොහෝ කල් අවසන්ය
දිරාගිය පෙම්පතට
ආදරෙයි මම තවත්
දරාගනු බැරි ලෙසක
තබා ගැහෙනා පපුවට


brought to you by
  1. ලියන්න එපා බං මෙහෙම එව්වා.........

  1. @ඇනෝ - ඒ මොකද බං ඒ..මේ වගේ ඒවා ලියන්නත් කව්රුහරි එකෙක් එන්න එපායැ

  1. හොඳයි ඉතින්

  1. පිවිතුරුය පලමු පෙම
    බිහිසුනුය බිඳුනු දින
    ලෙන්ගතුය සුවඳ ඔබ
    සුදුහාමිනේ....

    තනිකඩය තවම මම.....

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  1. හෆ්ෆෙ කීයක් නම් ලියලා ඉරලා දාල ඇතිද..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්