සසර පුරුද්දට පෙම් බැඳි නුඹ හට
නිතර සිතට එයි නුඹෙ රුව හැම විට
පැනලා දුවන්නට සිතුනත් සදහට
සිතලා බලන්නට කල් ඇත තව මට
එකම හදක් වූ මගේ ඒ පෙම් කව
දෙහදක් වන්නට පින් නැති පෙම් කව
සිහින පොදක් බැඳි නම් නැති පෙම් කව
බොඳව ගියාදෝ නිම් නැති පෙම් කව
සොයුරි පෙමක් වූ නුඹෙ ඔය පෙම
නැතිකර ගන්නට ලොබවුණි ඔය පෙම
නතු කරගන්නට සදහට ඔය පෙම
සසර වසමි මම ලැබුමට ඔය පෙම
පිදුවත් නුඹෙ පෙම වෙනෙකුට යම් දින
සතුටකි එය මා හට හැම දින
පැතුවේ නුඹෙ සතුටයි මා හැම දින
පතමි ලබන්නට නුඹෙ පෙම කිසි දින
සොයුREK
(ආරාධිත නිර්මාණ)
අයියණ්ඩියේ කෝ
සාමා අමර
විතරද අර මල් පිරුණු
සල්ගස
නොමැත අද එය මේ
පාසල් පොත් පිටු අතර
සුදු නංගියේ අද
සල් ගස්නම් එමට
නමුත් නොමැත මලින් බර
සාමා අමර නම්
සොයාගත හැකි වනු ඇත
මුණු පොතේ
පිටු අතර
එළිය කරන නිල් අහසම
හිරු කුමරිය මගේ වගේ
දිදුලන සඳ අඳුර මකා
සඳකුමරිය මගේ වගේ
ඉරුත් සඳුත් අරන් ළඟට
නුඹ ඇවිදින් රැඳේ හදේ
ඇවිදින කල නුඹ හිමිහිට
වටී මෙමට නුඹෙ පියවර
හිනහෙන කල නුඹ තරඟෙට
නැතේ දුකක් හිත් මානෙක
ජීවිතයම නුඹෙ ඇස්දෙක
වගේ රකින පොරොන්දුවට
දුවේ මගේ හිත් ගොමුවේ
කැකුළු මලයි නුඹ පිපුණේ
කසාවත පොරවාගෙන
නොසිටියද
රහතුන් අදත් ඇත
අප අතර නොඅඩුවම
සෘද්ධියෙන් සක්මනේ
පුරුදු ලෙස නොගියාට
සියුමැලිව පා තබා
නිසලවම ගමන් යන
දිවැසින් ලොව බලා
දුක් නිවනු බැරි වුවද
මිතුනෙතින් නිති බලා
අවැසි උවටැන් කරන
නුඹව හැඳිනගත්
නුඹේ හිනාව
නිසාම තාමත්
මල් පිපෙනවද ළඟපාත
එහෙව් හිනා නුඹ
ඇන්න ගිහින් මට
දුකක් තියා නුඹ සැනසෙන්නද
එහෙම නිසා
නුඹේ සිනා පොදක්
මගේ ළඟම තිය
නුඹ යන්න ඉතින්
******************
හැමදාමත් මම යන මග
මා පිළිගෙන පාඩුවේම
උන් කඩුල්ල ඇයිදෝ අද
මට හරස්වෙලා
වෙනදා මම එන පාරේ
ගෞරවයෙන් පාත්වෙලා
ඉනි වැට පහුකර යන්නට
හිටි කඩුල්ල හරස්වෙලා
ආරවුලට වගේ ඉඳන්
ඉනිවැට මත්තේ ඉඳගෙන
ආඩම්බරයෙන් වාගේ
බලන් ඉන්නවා උදේම
සතියක පටන්
දැඟලුව ගැලවෙන්නට
මගේ තනි හිත
දැම්මා අද උදේ
මහනාම පාලමෙන්
නිල්වලා ඟගට
දවස් ගණන් පහුගිය දිනවල
බලන් උන්නා එයි කියා නුඹ
ලඟටම මගේ..
එක එක එවුන් එක එක කතා
කිව්වත් ඇහුවේ නෑනේ මං
තනියම බලන් හිටියා නුඹ
එනකන් එළිපත්තේ..
එනවා කියලා කියපු නුඹ
ඇවිත් තිබුණේ වෙන තැනකට
බලන් හිටපු මම තනියම
ගියා ඉතින් ගේ ඇතුලට
හිතින් බැනලා නුඹට හොඳට
දැනේ තනිකම අදනම්
දරාගනු බැරිතරම්
කුමක් කරම්ද මං
නැතිවිට හසරක් අද
ළඟින් උන් නුඹ
ගිහින් අතහැර
බලා ඉනු මිස මට
කල හැක්කක් නොමැත අද
අනේ ඊයේ පෑයූ තරුව
අද තනියම හිනහෙන විට
තවමත් හිඳී මම
තනිවම මෙතැන්හිම
සීත හිමකැට වැටෙන සීතල
කඳුකරේ සිසිලස මැදින්
දෝතට ගෙන තදකරන්
ගෙන ආවෙමි එක හිම මිටක
පැමිණ ගෙපැලට විගස බැලුවෙමි
ගෙනා හිම මිට තබන අටියෙන්
අහෝ කෝ හිම..දියව ගොස් ඇත
හිතාගනු බැරි ඉක්මණින්
යනවිට පාර තොට මේ දිනවල දුටිමි
ඇතිබව වසා තාප්ප එක පෙලට මෙහී
හිනා මූණු හිත හොඳ චන්ඩිත් පෙලකී
අහිංසක කමට ඉන්නා හැටි අගනී
ඡන්ද කාලේ පේනා මේ මූණු කැල
කොහේ සැඟවෙත්ද පසුවූ විට මෙකල
හාල් පොල් සාරි පුදනා විට එකල
දෑත බදා දුන් ඡන්දය වෙයි ප්‍රබල
නිවා දමනවා ජන දුක් එක රැයකින්
කියා යදී ජනතා ඡන්දය සතොසින්
මුසා වදන් දෙඩුවත් ඒ නැවෙන දිවෙන්
කෙසේ සොයම්දො ඡන්දෙන් පසු මැතිඳුන්
හිමිනොවන අතීතයේ සිට
හිතනොඑන අනාගතයට
පියවර මැන්නෙමි...
තබන තබන පියවරක් පාසා
දකින් දකින තොටුපලක් පාසා
රැගෙන ගිය එකම දෙය
නුඹේ මතකයයි..
අමතක කරන්නට බැරි..
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්