නුඹ විකසිත වන විට
උසම උස අතු මත
වෙලී මම සුවය ලබමි
නුඹ පිපුණ ගසේ මුල
සිනිඳු සුසිනිඳු හදක්වත් නොදන්නා හීන
පණක් කටහඬක් නැති
නලියන්න හිතක් නැති
දඟලන්න ඉඩක් නැති
හැන්ඳෑවකට කොහොම දැනෙයිදෝ
ඉඩක් නැති හදක් තුල
ඉඩක් සොයමින් තැවෙන
හදක් නිති ඉකිබිඳින
බව නොදනී හැන්ඳෑවද
මා වවුලන් කෑගැසුම
යාන්තමින් ඇහෙන
සීතලක රැයක
තනිකඩව
රියන් හතරේ
සොහොන් ගැබ
නොසොයනා සැඳෑ සුව
පරවි කුමරියක්ව ඔබ
සුදු සේල රැලි අතර
ඔත්පලව වැතිර ඇති
මල් යහනේ මුමුණුවට
කලක් ගතවී නැතත්
මලත් මම තනිකඩය
පුරුදු සුවය නොවුණත් මිහිමත
දැන දැන පිපෙන මල්
පෙරකල සිත්හි වැදී
සුළඟට මුසුවූ සුන්දර සැමරුම්
සිහිනෙන් අවදිවනවා සත්තයි දිනකදී යලිත්
නොමැකෙන්නට ජීවිතයෙන්
හීනයක්ම පමණක් වී
හිරිමල් ස්වරය තවමත් නොහඬන හදින්
අසයි නොයනා දුර සවනේ මානයෙන්
හිතට හිත සැනසූ සොඳුරු රූ අතර
නොමියෙමි නොමියෙමි වසා දෙනුවන්
ඉපදෙන්නට යලිත් නොදුටු හීනය තුලම
හදවතේ ගැස්මක් ගැස්මක් පාසා
නෙතු සැලෙන වාරයක් වාරයක් පාසා
පා තබන පියවරක් පියවරක් පාසා
ආදරෙයි තවමත් නොදුටු හීනයට
තවමත් හිතෙහි පැලපදියම්ව
දිවියම උසුලාගෙන යන
එන්න යමු අපි ඇවිද
හිත මිතුරු සුළඟ සමග
හමා එන සිප අප ගත සුවය
යමු ඉතින් පිළිගෙන තුටින්
සිත් විඳගත් සැනසුම් පුස්ඹ
නොලද බොහො කලක සිටම
එක හුස්මට පෙම් බැඳි මේ සුවය
තව තව කොහොද හිත සැනසීම මිස
සංසාරය බොහෝ දුරය දැන්
එතෙර වන්නට හිත දිරිය මිස
නොමැත සරණක් අප හිතට
දෙසූ දම් අසා සිත නිවනට
ඇවිදින්න යමු අපි ආයෙත්
සුමට සුමුදු මාවතේ
හිත සුවය නිති රැඳේ
බුදු බණ පදයේ අරුතේ
සුදු පිරුවට හීන හිමකැට
නිදි සුවය ලද කියතෝවට
ආදරයේ හීන අරගෙන
නුඹ එනවද
දෙවෙන්දොර සං
තාම මග
බලන් ඉන්නවා මං
නුඹ යන්න ගියාට පසු
දැනුණ ආදරේ
ලිව්වා මම
පොතක් විදියට
පොත මාර ජනප්‍රියයි
ඒත් මම හරි
අප්‍රසිද්ධයි
හද්දා පිටිසර
තනිකම පෙන්නාගෙන
ඇඬුවට බොරු ඇස්දෙක
ඇත්තටම නම් නුඹ
තාමත් ඔහු ලඟ
එදා වගේම
මටත් නොදැනෙන්නට
ආලය නැමති කටු ඔටුනුද
පැළඳි හෙයින්
හිත නිදහස නම් හිසෙන්
රුහිරුද ගලයි යෙහෙන්
ඉසිලු පබවත රුවැති අභිමන
නුවණ සකිසඳ බොහො එසේ
පැරද සිතරැඳි නොනිම් සිතිවිලි
ඇය වෙතම නිති වූ ලෙසේ
රුවට හිමි නැති ඔමරි සිනහව
වැරදි වී දෝ ඒ ලෙසේ
සසර වුව කෙලවරක නොමවන
පැතු පැතුම් නික්මී මෙසේ
මුවින් ගිලිහෙන වදන් වැල් ගෙන
හදෙහි පතුලත හිරකරන්
දුකක් ෙවෙලෙමින් හදත් කකියන
විටක එවදන් සිහිකරන්
කලක් නික්මෙන සිනහ මුතුවැල්
දෙනෙත් අභියස මතුකරන්
විලක් මෙන් මල් පිපී දිලිහෙන
සුවඳ දී නුඹ හිනැහියන්
හීන් දොඩමළු සුළඟ නොවේ
නුඹේ පහස දන්නේ
නලළ සිඹින සැඩ කිරණ නොවේ
නුඹෙ සෙනෙහස දන්නේ
ගත දෝවන දා බිඳුද නොවේ
නුඹෙ සුවඳ දන්නේ
ඇස් දෙක දිස්වන ලොවම නොවේ
නුඹෙ මුදු පැහැ දන්නේ
සිහින ගෙනෙන නුඹ තරු කුමරී
හදවත පුරා ඇඳී
සිතුවම් නොමැකී රැඳී ඇතී
වෙන් නොවනා තරමේ
මොහොතක් ඇවිදින් සිනාසෙන්න
හදවත විඩා නිවා
තරහද තවමත් එදා වගේ
පුංචි දේටත් හිනා වෙනා
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්