පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
2 months ago
ස්තූතියි ප්රාර්ථනා
ගොඩක් ලස්සනයි දේව්..
මට මේ පද ටික කියවනකොට මතක් වුනේ දෙනිපිටියේ නුගරුක.ගජමන් නෝනාට කවි සිතුවිලි පහල කරපු නුග රුක.අද ඉතුරු වෙලා තියෙන්නෙ පොඩි පෑලයක් විතරයි.ලස්සන අදහසක් අය්යේ.
@පවිත්රා - ස්තූතියි පවී
@හිම හංසි- මටත් ඒක මතක් වුණා ලියද්දි..ස්තූතියි නංගි
ඇත්තටම මට මතක් උනේ කොළඹ කැප්පස් එක ලඟ තිබුන මාර ගස් ටික, කොච්චර කාලයක් තිස්සෙ හැදෙන්න ඇතිද, කිසිම අනක් ගුණක් නැතුව කපලා දැම්මනෙ ......
පරම්පරා සතක් පුරා
සෙවණ සැදූ මහ නුග රුක
සිමෙන්ති වනයක් අතරේ
තනිව නැඟුන මහ නුග රුක
මනුසතුනට සවි දෙන්නට
සිහින මැවූ මහ නුග රුක
යකඩ යදම් වල සිරවී
සුසුම් හෙලයි මහ නුග රුක..
හරිම ලස්සනයි ජනරඟ, ඒ වගේම අර්ථවත්