twitter rss

විසල් නුග රුක

:::ලිපි වර්ගය:::



ගමට තිබුණු එකම හයිය
ගමේ පිනට තිබුණු සවිය
කපා දමා එක පහරින්
ගමේ එකම මහ නුග රුක



නිහඩ ලොවක උරුම ගත්ත
නිහඩ බවට ලකුණ ගත්ත
කපා දමා එක පහරින්
ගමේ නිහඩ මහ නුග රුක



හඩා වැටෙනු බැරි හින්දම
බලන් ඉන්න බැරි හින්දම
දෑස වසන් බලන් හිටියා
ගමේ දසුන මහ නුග රුක



කපා ගත්තු දෙයක් නැතී
තිබූ නොලැබි දෙයක් නැතී
අන්තිමේදී බිම හෙලුවා
ගමේ හයිය මහ නුග රුක

brought to you by
  1. පරම්පරා සතක් පුරා
    සෙවණ සැදූ මහ නුග රුක
    සිමෙන්ති වනයක් අතරේ
    තනිව නැඟුන මහ නුග රුක

    මනුසතුනට සවි දෙන්නට
    සිහින මැවූ මහ නුග රුක
    යකඩ යදම් වල සිරවී
    සුසුම් හෙලයි මහ නුග රුක..

    හරිම ලස්සනයි ජනරඟ, ඒ වගේම අර්ථවත්

  1. ස්තූතියි ප්‍රාර්ථනා

  1. ගොඩක් ලස්සනයි දේව්..

  1. මට මේ පද ටික කියවනකොට මතක් වුනේ දෙනිපිටියේ නුගරුක.ගජමන් නෝනාට කවි සිතුවිලි පහල කරපු නුග රුක.අද ඉතුරු වෙලා තියෙන්නෙ පොඩි පෑලයක් විතරයි.ලස්සන අදහසක් අය්යේ.

  1. @පවිත්‍රා - ස්තූතියි පවී

    @හිම හංසි- මටත් ඒක මතක් වුණා ලියද්දි..ස්තූතියි නංගි

  1. ඇත්තටම මට මතක් උනේ කොළඹ කැප්පස් එක ලඟ තිබුන මාර ගස් ටික, කොච්චර කාලයක් තිස්සෙ හැදෙන්න ඇතිද, කිසිම අනක් ගුණක් නැතුව කපලා දැම්මනෙ ......

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්