twitter rss

තරු කැට කුමරිය..

:::ලිපි වර්ගය:::

හීන් දොඩමළු සුළඟ නොවේ
නුඹේ පහස දන්නේ
නලළ සිඹින සැඩ කිරණ නොවේ
නුඹෙ සෙනෙහස දන්නේ
ගත දෝවන දා බිඳුද නොවේ
නුඹෙ සුවඳ දන්නේ
ඇස් දෙක දිස්වන ලොවම නොවේ
නුඹෙ මුදු පැහැ දන්නේ

සිහින ගෙනෙන නුඹ තරු කුමරී
හදවත පුරා ඇඳී
සිතුවම් නොමැකී රැඳී ඇතී
වෙන් නොවනා තරමේ
මොහොතක් ඇවිදින් සිනාසෙන්න
හදවත විඩා නිවා
තරහද තවමත් එදා වගේ
පුංචි දේටත් හිනා වෙනා


brought to you by
  1. හිනාව දුන්නෙ වෙන දෙන්න දෙයක් මා ලඟ නති නිසානෙ

    අසි'ය

  1. @ඇනෝ - ඒක හොඳයි...ස්තූතියි අදහසට

  1. තරු කැට අතර
    හිනැහෙන දෙනෙත
    ළගදීම දිලිසෙයි
    නුඹ සොයා!

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්