twitter rss

ඔය ඇස් දෙක තරම්

:::ලිපි වර්ගය:::
11 May 2011

වෙන දෙයක් කුමටද මට දුන්න
සෙනෙහසම ඇති
අලුතින් යමක් කුමට මට
නුඹේ මතක හොදටම ඇති
ජීවිතය ලියන්නට අලුතින් පදවැලක්
කුමටද මට
නුඹ කියූ පෙම් වදන්
තවමත් පපුතුරෙහි හිරවී 
ඉකිනොබිද පෙලයි මා හද නුඹ වෙනුවෙන්

ජීවිතයක් කුමට මට
ලියාදුන්නු නුඹ නැතිවිට
මගේ ජීවිතය තියා එකතැනක
අරන් ගිහින් නුඹේ සෙවනැල්ලත් දුරට
ඔය ඇස් දෙක තරම් වන
ලස්සන දෙයක් නැති මිහිපිට
හොයන්නද මං කෙසේ දැන්
නුඹ දුන්නු හීන ගොඩ....

brought to you by
  1. ආදරේ දුකක් වෙන වෙලාවලුත් තියනවා ...... ඒක නිසා ආදරේ ගැන දහසක් බලාපොරොත්තු තියා ගන්න හොඳ නැහැ ............

  1. ආදරේ කරද්දි දැනෙන එකම දේ ආදරේ විතරයිනේ...හිතන්න ගොඩක් දේවල් තිබුණත් හැම දේම මොහොතකට අමතක වෙනවා

  1. ඔව් ඒක පිළිගන්නවා සහෝදරයා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්