twitter rss

පිපාසය

:::ලිපි වර්ගය:::

පිපාසය රජකරන
කතර බිම උණුසුමට
දිය පොදක් පතිතවෙයි
සිතා තව දුර පැමිණි
කතර බිම වැසි නොමැති
දිය පොදක් සිහිනයකි

ගව් ගණන් ගෙවා ආ
කතර දුර මග ලකුණු
රැදී ඇත මතකයේ එම ලෙසම
අමතකව ගිය එකම පිපාසය
දැනේ දැන්
උහුලණු බැරි සෙයින්

පිපාසය තරම් වන
දුකක් නොමැති මේ කතර
වැටේනම් එකදු දියපොදක්
වැටෙනු දෑතට නුදුරින්
දෝතට ගනු හැකි සෙයින්

brought to you by
  1. ලස්සනයි යාළුවා...

  1. බොහොම පින් යාලුවා

  1. ලස්සනයි පද වැල් ටික .........

  1. බොහොම පින් කල්හාර සහෝදරයා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්