twitter rss

වෙසක් පින මට

:::ලිපි වර්ගය:::


හදවතේ ඇත ලොව්තුරු මුණි බණ
අතපයේ නැත දන්සලේ හිපොප් හිරිගති
දෙනෙතේ රැදී ඇත පහන් සිතින් දුටු දම් දන
නැතේ මුවෙහි ගෑවූ සුරාපස මතින් මද



ඇතේ පපුතුරෙහි මුණි පෑව අමාගුණ සමුදාය
නැතේ දන් පින් කෙරුම් අණ බෙර ගසා ලොවටම
සිතින් දල්වමි පහන් සිළුවක් එළිය කරනට දියතම
නිතින් ඉවසමි පවිටු කෙරුමන් වෙසක් දින කරනාවු



එකම මලක් පුදා සමිදුට පතමි එක පැතුමක්
කල නොහැක මට මහා දන්පින් සසුන වෙත මාතින්
එකම දේ මට කල හැකිය ඒ හිමි දෙසූ අරුතින්
යමි සරණ මම මට හැකි පමණ ලෙස හිමි සැදූ මගකින්

brought to you by
  1. පින්බර නිර්මාණයක් යාළුවා..

  1. ‍බොහොම පින් යාලුවා....එකම දේ මට කල හැකිය ඒ හිමි දෙසූ අරුතින්
    යමි සරණ මම මට හැකි පමණ ලෙස හිමි සැදූ මගකින්

  1. ඉතිං ඔය විදියට කරනවා කියන්නෙ බුදුන් සරණ ගියා කියන එක තමයි .......

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්