twitter rss

සුදු සෙනෙවි තුමන්....

:::ලිපි වර්ගය:::

සුදු සෙනෙවි තුමන් 
අසු අරගෙන හැල්මේ යන කල
ගුරු මග මංපෙත
ගොරහැඩි පොළොවේ කුර ගැටෙමින
දිගු කුර පැටලී
නොසිතූ ලෙස අසු පැකිලී බිම
සුදු සෙනෙවි තුමන්
බිම පෙරළී මඩ පාටින් සුද


කණ කොක් සුද ලෙස
සුදට පෙනේ නිල පට්ටම් කබා
පිසදමනට බෑ දුහුවිලි
තව තව තැවරෙයි ගත
වත රිදුම් දෙතේ
ඉවසනු බැරි ලෙස හරි හරියට
යනු කෙසේ ඉතින්
කච්චේරිය දැන් හොදටම පමා


එහි සිංහල ගැමියන්
යන මග අසු පෙරළිය දැක
බල අසුන් දෙදෙනෙකුය පෙරලී
මඩ කඩිත්ත මත
හෙළ බස වැටහෙන
සෙනෙවි තුමන් මේ හරුපය දැන
කිපි මහ සද්දෙන්
හඩ නැගුවයි වේදනාව මැද

brought to you by
  1. හොඳට පද බැඳලා තියනවා ........

  1. බොහොම ස්තූතියි යාලුවා

  1. නුහුරු නුපුරුදු ගම් මැද්දට
    ආවේ ඇයිද සිතමින් සෙනවි තුමන් අද
    ලහි ලහියේම නැග අසු පිටට
    ගියා කෝපය පෙන්නා ගැමියන්ට..

  1. ඔය ගලපන්නේ ඉතිරි පද ටික අපේ දිනේෂ සහෝදරයා..එළ එළ..මං මේක ලිව්වේ සින්දුවක් විදියට..මේකට පෞද්ගලිකව ගොඩක් ආසයි මගේ නිර්මාණ වලින්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්