twitter rss

මිතුසඳාණෝ....

:::ලිපි වර්ගය:::

ලේ ඇට මස් නහර
පවා දියකර බොමින්
හඹායන නරසතුන් ලෙස රැඳෙන
අපා සහයකයන් මැද
 
ලොව්තුරා සුව දිනූ
කසුප් බුදු හිමි වෙතට
රැගෙන ගොස් මා වැරෙන
බලෙන් මෙන් ගෙන මගට
 
 
අමාදම් සිසිලසින් 
නිවා මා සසර දුක
ඝටීකාර නුඹයි අද
සිතැඟි හඳුනාගත් මගේ
 
 
පවිටු ලොව අඳුර මැද
නිබඳ පහනක් ලෙසින
මිතුපෙමේ සැබෑරුත
නෙතට එක් කලෙ නුඹය


සසර  එතෙර වන දිනක
අතැර යන සසර දුක
බුදු පුතෙකු ලෙසින් මම
රැගෙන යමි මිතුර නුඹ


"ත්‍රිපිටකයේ මජ්ජිම නිකායික ඝටීකාර සුතුර ඇසුරිනි"



 

brought to you by
  1. වටිනවා..ලස්සනයි :)))))))))))))

  1. ස්තූතියි පබළු...

  1. ඔහොම යාලුවො හිටියෙ ඒ කාලේ තමා ........
    දැන් නම් හොයා ගන්න ලේසි නැහැ .......
    සිරාවට ලියලා තියනවා .........

  1. බොහොම ස්තූතිය කල්හාර සහෝදරයා..ඒක ඇත්ත.අද ඒවගේ යාළුවෝ හොයන එක නොමල ගේ කින් අබ සොයනවා වගේ

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්