twitter rss

පරිච්ඡේදයක්...

:::ලිපි වර්ගය:::


නුඹේ අකුරින්
ලියූ හසුනක්
කියෙව්වෙමි අහම්බෙන්
උඩින් පල්ලෙන්....


කකියන හදවතට
පහර දෙන හද ගැස්ම
කඳුලු කැට නොවැටි හිත මත
මතු වුණිය සුසුම් පොදි.....


වසා එ හසුන
තබා තිබු තැනම එය
හිඳගතිමි අසුන මත
නොදැනීම සිත නැතිව.....


නුඹ ලියූ අකුරු වැල්
ඔප වැටුණු හදවත මත
වසාගෙන මා කරන
නෙක කෙරුම් මතක් විය....


සඟවාන සුසම් වැල්
වසා දමා සිතුවිල්ල
ඇස්පිය අතරින් පිටකර
නුඹ ලියූ අකුරු කැට....

brought to you by
  1. පට්ට පට්ට....ලස්සනට ලියල තියනවා...
    www.sabithl.blogspot.com

  1. බොහොම ස්තූතියි යාළුවා..ඒ වගේම මගේ පැල්පතට සාදරයෙන් පිළිගන්නවා

  1. අහම්බෙන් හමූඋන නුඹෙ පෙම්පත
    දෑස් ලගට ගෙන ආවා මතක ගොන්නම
    නුඹත් මමත් ආදරෙන් එකට හිද
    දැක්ක ඒ සොදුරු සිහින..

  1. ආදරේ වෑහෙන පෙම් පත..
    නොබලා තබනු කෙසේ ඉවත..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්