twitter rss

හිතගත් කුමරියට

:::ලිපි වර්ගය:::


සුපුරුදු සුවඳ නුඹෙ වරලස වෙතින් ඇදෙන සුබදිනයක
නුපුරුදු සිනා රැල් නැගුනේ ඇයිද නගේ දුටු විගසක
නලමුදු සුවඳ විඳ ගතසිත පුබුදු වෙතේ හිමිදරියක
මගෙමුදු සිතට නුඹෙ සිනහව පහන් රැසකි බෝ මලුවක



brought to you by
  1. හැම කවියකම
    අවසන,
    මුව ගොළු කරන
    ජනරග

    කොහෙන්ද අප්පේ වචනටික හොයාගත්තෙ...?

    මාව මතක ඇති කියලහිතනව.....:)

  1. @පබලු - බොහොම ස්තූතියි සහෝදරී

    @නිසපු- මේ නිපුනි සඳරු පූර්ණිමා සහෝදරිය නේද? බොහොම සතුටුයි කාලෙකට පස්සේ..අමතක වෙනවද එකට කවිකම් කරපු කිවිඳියෝ...

  1. අපූරු කවි පෙල.. හිත්ගත් කුමරියට ආදරවන්තයින්ගේ දිනේට තෑග්ගක් වෙන්න ඕන මේක..

  1. @දිනේෂ්- ස්තූතියි සහෝදරයා..ආදරවන්තයින්ගේ දිනය මගේ ශබ්ද කෝෂයේ නැති වදනකි

  1. ඈ...“කිවිඳියක්“...හාපෝ මේ අවුරුදු 18ක චූටි කෙල්ලෙක්ට කියන කතා....

  1. සිතුවිලලකට වයස් පරතරයක් නෑ සහෝදරී..ඔය ශරීරෙට වඩා ඉක්මණට හිත මෝරනවා අදහස් එක්කම

  1. ස්තූතියි තරූ..ජීවිතානුබද්ධ අත්දැකීම් කොහොමත් අපූරුයි නොවැ

  1. මම මේ කවිය දැක්කෙ අදනේ.ලස්සනයි අය්යේ

  1. @හිම හංසි - ඔව් ඉතින් මගේ දේවල් ඔයා දකින්නේ ගොඩක් ප්‍රමාද වෙලානේ නංගි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්