සුපුරුදු සුවඳ නුඹෙ වරලස වෙතින් ඇදෙන සුබදිනයක
නුපුරුදු සිනා රැල් නැගුනේ ඇයිද නගේ දුටු විගසක
නලමුදු සුවඳ විඳ ගතසිත පුබුදු වෙතේ හිමිදරියක
මගෙමුදු සිතට නුඹෙ සිනහව පහන් රැසකි බෝ මලුවක
-
හැම කවියකම
අවසන,
මුව ගොළු කරන
ජනරග
කොහෙන්ද අප්පේ වචනටික හොයාගත්තෙ...?
මාව මතක ඇති කියලහිතනව.....:)
-
@පබලු - බොහොම ස්තූතියි සහෝදරී
@නිසපු- මේ නිපුනි සඳරු පූර්ණිමා සහෝදරිය නේද? බොහොම සතුටුයි කාලෙකට පස්සේ..අමතක වෙනවද එකට කවිකම් කරපු කිවිඳියෝ...
-
අපූරු කවි පෙල.. හිත්ගත් කුමරියට ආදරවන්තයින්ගේ දිනේට තෑග්ගක් වෙන්න ඕන මේක..
-
@දිනේෂ්- ස්තූතියි සහෝදරයා..ආදරවන්තයින්ගේ දිනය මගේ ශබ්ද කෝෂයේ නැති වදනකි
-
ඈ...“කිවිඳියක්“...හාපෝ මේ අවුරුදු 18ක චූටි කෙල්ලෙක්ට කියන කතා....
-
සිතුවිලලකට වයස් පරතරයක් නෑ සහෝදරී..ඔය ශරීරෙට වඩා ඉක්මණට හිත මෝරනවා අදහස් එක්කම
-
ලස්සනයි...
-
ස්තූතියි තරූ..ජීවිතානුබද්ධ අත්දැකීම් කොහොමත් අපූරුයි නොවැ
-
මම මේ කවිය දැක්කෙ අදනේ.ලස්සනයි අය්යේ
-
@හිම හංසි - ඔව් ඉතින් මගේ දේවල් ඔයා දකින්නේ ගොඩක් ප්‍රමාද වෙලානේ නංගි
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
ලස්සන වචන